(Update)
බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (19දා) පැවැති දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 109 ක පහසු ජයක් ලැබීමට වත්මන් ලෝක ශූර ඉන්දීය කණ්ඩායම සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම බංග්ලාදේශ කණ්ඩායමටද ලෝක කුසලාන බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.
ඉන්දීය කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 303 ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 45 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 193 ක් පමණි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 302 ක් රැස්කිරීමට සමත්විය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අත්‍යවශ්‍ය ඉනිමක් ක්‍රීඩාකළ රෝහිත් ශර්මා පන්දු 126කදී ලකුණු 137 ක් රැස්කිරීමට සමත්වූ අතර, එනිසාම තරගයේ වීරයා සම්මානය ඔහුට හිමිවිය.
ලෝක කුසලාන තරගාවලියේ ඒ කාණ්ඩයෙන් තරග කළ බංග්ලාදේශ කණ්ඩායම එම කාණ්ඩයේ සිවුවැනියා වෙමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ චන්දික හතුරුසිංහ මහතා කටයුතු කළ අතර, එම කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස රුවන් කල්පගේ මහතාද, අභ්‍යාසක පුහුණුකරු ලෙස මාරියෝ විල්වරායන් මහතාද කටයුතු කළේය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව
බංග්ලාදේශයට ලකුණු 303ක ඉලක්කයක්
ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර අද (19දා) ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 302 ක් රැස්කිරීමට සමත්විය.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ රෝහිත් ශර්මා පන්දු 126කදී ලකුණු 137 ක් රැස්කිරීමට සමත්වූ අතර, ඔහුට අනගි සහායක් ලබාදුන් සුරේෂ් රෙයිනා ලකුණු 65 ක් රැස්කළේය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව