පැරාලිම්පික් ධාවන ශූර ඔස්කා පිස්ටෝරියස් සිය පෙම්වතිය ඝාතනය සම්බන්ධයෙන් වූ චෝදනාවලින් නිදහස් කිරීමට අධිකරණය තීරණය කර ඇත. කෙසේ වෙතත් ඔහු සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් සිදුකළේද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකරයි.
පුරා මාස හයක් පුරා විභාග වූ පිස්ටෝරියස්ගේ නඩුවේ අවසන් තීන්දුව ලබාදෙමින් එහි විනිසුරු ලෙස ක්‍රියාකළ දකුණු අප්‍රිකානු ජාතික කොකොසීල් මසිපා කියා සිටියේ, අදාළ ඝාතනය ඔස්කා අතින් සිදුවූයේද යන්න පිළිබඳව වැඩිදුර සාක්ෂි නොමැතිවීම නිසා මෙම තීන්දුව ලබා දුන් බවයි.
කෙසේ වෙතත් සිය තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේදී පිස්ටෝරියස් ඉතා හැඟීම්බරව හැසිරිණු ආකාරය විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර ඇත.