සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ඊයේ (01) පැවැති තරගාවලියේ 23 වැනි තරගයෙන් ලකුණු 20 ක ජයක් ලැබීමට පාකිස්තානු කණ්ඩායම සමත්විය.
පාකිස්තානු කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 236 ක ඉලක්කයට පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 49.4 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 215 ක් පමණි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 235 ක් රැස්කිරීමට සමත්විය.
එම ඉනිමේ ඉහළම ලකුණුලාභියා වූ මිස්බා උල් හක් ලකුණු 73 ක් රැස්කළේය. තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ වහාබ් රියාස් තරගයේ වීරයා ලෙස සම්මාන හිමි කරගත්තේය.
.jpg)