ගිරුවාපත්තුවෙන් තල් අරණට සංවිධානය, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදවි ප්රාප්තිය හා ජන්ම දිනය සමරා වාර්ෂිකවසංවිධානය කරන ජනපති පදවි ප්රාප්ති පාපැදි සවාරියේ පළමු අදියර වූ ඊයේ (18දා) දිනයේ ඇතැම් තරගකරුවන් නිවැරදි ගමන් මාර්ගයෙන් පරිබාහිරව ගමන් කළ හෙයින් එම අදියර අවලංගු කර ඇති බව වාර්තා වේ.
අදියර (දින) තුනක්යටතේ පැවැත්වෙන මෙම පාපැදි සවාරියේ සමස්ත දුර ප්රමාණය කි.මී. 465ක් වන අතර, කි.මී. 155.8 දුරකින් යුත් මෙහි පළමු අදියර ඊයේ (18දා) පුත්තලමෙන් ආරම්භ කර අවිස්සාවේල්ලන් අවසන් කළ යුතුව තිබිණි. පුත්තලමේ සිට කුරුණෑගලට පැමිණ, පොල්ගහවෙල හරහා කෑගලු පාරේ රංවල හන්දියට ගොස්, ඒ හරහා ගලිගමුව නරගයෙන් හරවා අවිස්සාවේල්ලෙන් තරගය අවසන් කිරීම මෙහි නියමිත ගමන් මාර්ගය විය.
නමුත් තාක්ෂණික නිලධාරීන්ගේ දුර්වල මගපෙන්වීම මත මෙහි ඉදිරියෙන් පැමිණි ක්රීඩකයන් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පොල්ගහවෙලින් නොහරවා, අලව්ව නගරය පසුකරමින් අඹේපුස්සට පැමිණ, ගලිගමුව නගරය හරහා ගොස් තරගය අවසන් කර ඇත. ඒ හේතුවෙන් පළමු අදියර අවලංගු කිරීමට ප්රධාන විනිසුරුවරයා කටයුතු කළේය.
නමුත් පාපැදි විචාරකයන් පෙන්වාදෙන්නේ ප්රධාන විනිසුරුවරයාගේ අත්දැකීම් නොමැතිකම මත මෙවැනි තීරණයක්ගෙන ඇති බවත්, මෙම අදියර අවලංගු කිරීම වෙනුවට වඩා ඵලදායී තීරණයක් ඔහුට ගතහැකිව තිබූ බවත්ය.