1962 වර්ෂයේදී ආසියානු ක්‍රීඩා උලෙළේදී මීටර් 200 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදුන් නිර්මලා දිසානායක මහත්මියට ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පිරිනමන උපහාර රන් පදක්කම ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් ඊයේ (29දා) පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පිරිනැමිණ.
60,70 දශකයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ජයග්‍රහණ අත්පත් කරදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය මෙම වැඩසහන සංවිධානය කරයි.