තමා දිගටම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හොබවන බව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක ඇලිස්ටෙයාර් කුක් පවසයි.
ශ්‍රී ලංකාව සමග පැවති හයවැනි එක්දින තරගයෙන් පසු විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත.
"මම දන්නවා තරගයේදී එතරම් ලකුණු රැස් නොකිරීම නායකයෙකුට සුදුසු ලක්ෂණයක් නොවන බව. නමුත් නායකත්වය කියන්නෙ ලේසි පහසු කාරණයක් නොවෙයි". එහිදී කුක් පවසා ඇත.
කුක් අවසන් එක්දින තරග 21 දී ලබාගෙන ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණි.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු පීටර් මෝයෙස් පවසන්නේ, කුක් මේ වනවිට යම් පීඩාකාරී තත්ත්වයක රැඳී සිටියද ඉන් මිදීමට ඔහු දැඩි වෙහෙසක් ගන්නා බවයි.