ලෝක කුසලාන අවසන් මහ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 184කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ. නවසීලන්තය වෙනුවෙන් ග්‍රාන්ට් එලියට් සාර්ථක ඉනිමක් ගොඩනැංවීය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ජොන්සන් හා ජේම්ස් ෆෝල්ක්නර් කඩුලු තුන බැගින් දවාගත්හ.
ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර දැන් පැවැත්වෙන 11 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් සිටින නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 30 අවසන් වනවිට කඩුලු 03 ක් දැවී ලකුණු 121 ක් රැස්කරගෙන සිටියි.
නොදැවී කඩුල්ලේ රැදී සිටින ග්‍රාන්ට් එලියට් ලකුණු 54 ක් හා රොස් ටේලර් ලකුණු 30 ක් රැස්කරගෙන සිටියි.
නවසීලන්තය මුලින්ම පන්දුවට පරහදෙයි
එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායමේ නායක බ්‍රෙන්ඩන් මැකලම් මුලින්ම පන්දුවට පහරදීමට තිරණය කළේය.
අර්ධ අවසන් මහ තරගයන් සඳහා ක්‍රීඩාකල නවසීලන්ත හා ඔස්ට්‍රේලියා කණ්ඩායම් අවසන් මහ තරග සඳහා නම් කර තිබේ.