ලබන වර්ෂය ආරම්භයේ සිට දිවයිනේ සමස්ත පාසල් සඳහා ක්‍රීඩා උත්තේජන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා සිදුවෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
2017 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙර සූදානම් කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික හා පාසල් ක්‍රීඩා සංගම් අතර පැවැති සාකච්ඡාවක් අතුරතුර ඔහු මේ බව පැවසීය.
මේ සඳහා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, ක්‍රීඩා අධ්‍යාපන ජෙනරාල් රංජනී ජයකොඩි හා ශ්‍රී ලංකාවේ ජාතික ජාතික හා පාසල් ක්‍රීඩා සංගම් කිහිපයක ඉහළ නිලධාරීහු රැසක් සහභාගි වී සිටියහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ