ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සඳහා ලක්ෂ්මී වික්ටෝරියා මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් අතුරු පාලක කමිටුවක් පත්කිරීමට සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ අනුමැතිය ලැබී ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනය කළේය.
මෙම අතුරු පාලක මණ්ඩලයේ ලේකම් ලෙස ජයන්ති සෝමසුන්දරම් මහත්මිය පත්කොට ඇති අතර, භාණ්ඩාගාරික තනතුර හිමිව ඇත්තේ ඩබ්ලිව්.එම්.එස්.කේ. වනසිංහ මහත්මියටයි. සඳමාලි අවිරුප්පවල, ට්‍රික්සි නානායක්කාර, ශෙවෝන් පෙරේරා, හා කස්තුරි විල්සන් යන අය අතුරු පාලක කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
මේ අතර එළඹෙන අගෝස්තු මස ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා දැල්පන්දු තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් තෝරාගැනීමටද කමිටුවක් පත්කිරීමට අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී තිබේ. චන්ද්‍රානි පතිරාජ මහත්මිය එහි සභාපතිනිය වශයෙන් කටයුතු කරන අතර, සීතා රමණි, රෝහිණී පෙරේරා, තිසංගනී කොඩිතුවක්කු හා සකුන්තලා විජේතුංග යන මහත්මීහු එම කමිටුව නියෝජනය කරති.