රිලී රොසෝ හා කුයින්ටන් ඩි කොක් දෙවැනි කඩුල්ලට ගොඩනැගූ සාර්ථක සබඳතාව හේතුවෙත් සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ඇඩිලේඩ්හි ඕවල් ක්‍රීඩාංගණයේ අද (05දා) පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 07ක පහසු ජයක් ලැබීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණගැනීමටද ඔවුහු සමත් වූහ.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 145ක ඉලක්කයට පිළිතුරු ඉනිම සැපයූ දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්විය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 144/6 ක් පමණි. තරගයේ වීරයා ලෙස රිලී රොසෝසම්මාන හිමිකරගත්තේය.
ඔස්ට්‍රේලියාව 144/6 (පන්දුවාර 20)
ෂේන් වොට්සන් 47 (පන්දු 36, 6x3)
ජේම්ස් ෆෝල්කනර් නොදැවී 41 (පන්දු 33, 4x1, 6x1)
කැමරන් වයිට් 24 (පන්දු 21, 4x3)
කේල් ඇබෝට් 3/21 (පන්දුවාර 4)
දකුණු අප්‍රිකාව 145/3 (පන්දුවාර 19)
රිලී රොසෝ 78 (පන්දු 50, 4x7, 6x3)
කුයින්ටන් ඩි කොක් 46 (පන්දු 39, 4x4, 6x1)
පැට් කමින්ස් 1/21 (පන්දුවාර 4)