ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කරන බවත් ලෝක කුසලානයේ පරාජය සම්බන්ධයෙන් තමන්ට හේතු දෙකක් පවතින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා අද (01දා) ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
එසේම මහේල හා මුරලි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න උදව් කිරීමට කැමත්ත දුන් බවද සභාපතිවරයා සඳහන් කළේය. ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීමට ඉන්දීය තරගාවලිය හේතුවක් වූ බවද ඔහු පෙන්වා දුන්නේය.
" මේ අවස්ථාවේ ඉදිරියට ඇවිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න මම කැමැත්ත දුන්නා. මහේල ජයවර්ධන ගෞරවනීය උපදේශකයෙක් ලෙස එන්න කැමති වුණා. ඔහු මුල් මට්ටමේ ක්‍රිකට් ගැන හොඳ උනන්දුවකින් ඉන්නේ. ඒ වගේම මුරලි ඕනෑම අවස්ථාවක සහාය දෙනවා කියලා කිව්වා.
මමත් තේරීම් කමිටු තුනක හිටියා. හැමදාම එකම ක්‍රීඩකයෝ ටිකක් ගැන බලා ඉඳිද්දී මටත් පේන්නේ එක විදියක්. කාලයක් ආවම වෙනස් කරන එකෙන් අලුත් ක්‍රීඩකයෝ අලුත් අදහස් ගන්න පුළුවන්. ඒ ගැන සලකලා තීරණයක් ගන්න ඕන.
මේ ලෝක කුසලානය ගැන කියන්න මට කරුණු දෙකක් තියෙනවා. අපිට ලෝක කුසලානයට කලින් තිබුණ කාලය ටිකක් දිග්ගැස්සුණා වැඩියි. ඉන්දීය සංචාරයෙන් පස්සේ අපිට නවසීලන්ත සංචාරයට යන්න වුණා. ක්‍රීඩකයෙක් ලෙස මම දන්නවා තරගාවලියකට ගිහින් ආපු ගමන්ම තවත් තරගාවලියටක යන්න අමාරුයි. අපිට උදව් කරන්නේ ඉන්දියාව නිසා එයට යන්න වුණා.
නමුත් ආබාධවලට ඉන්දීය තරගාවලිය බලපෑවා කියලා මම හිතනවා. ලෝක කුසලානයේ අපේ ක්‍රීඩකයන්නේ අංග චලනයේ යම් ගැටලුවකුත් තිබුණාද කියලත් හිතෙනවා. අංග චලනය නිවැරදිව වෙන්නේ නැත්නම් පන්දු රැකීමේ ගැටලු ඇතිවෙනවා. තේරීම් කමිටුවට ප්‍රතිපත්තියක් හදලා එය අනුගමනය කළොත් අපිට ගැටලුවක් ඇතිවෙන එකක් නෑ" යැයි ඔහු පැවසීය.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ