ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් 'ඒ කණ්ඩායම අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැති තුන්වැනි හා අවසන් නිල නොවන සිවුදින ක්‍රිකට් තරගය අයහපත් ආලෝකය හේතුවෙන් අද (28දා) නිමකිරීම හේතුවෙන් එම තරගය විසඳුමකින් තොරව අවසන් විය.
කොදෙව් කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 217ක ඉලක්කය හඹායමින් සිටි ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම කඩුලු පහකට ලකුණු 166ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යව තිබුණේ තවත් ලකුණු52ක් පමණි. ඒ සඳහා කඩුලු පහක් ඉතිරිව තිබිණි.තරගය නිමාකරනවිට ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 57ක් රැස්කරගෙන සිටි අතර ඔහු කිත්රුවන් විතානගේ (20*) සමග හයවැනි කඩුල්ල සඳහානොබිඳුණු ලකුනු 43ක සබඳතාවක් ගොඩනගමින් සිටියේය.
කෙසේ නමුත් සූරියවැව පැවැති පළමු තරගය ජයගැනීම හේතුවෙන් 1-0ක් ලෙස සිවුදින තරගාවලියේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.තෙවැනි තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දුයවන්නා බවට පත්වූ තරිඳු කෞෂාල් ඉනිම දෙකේදීම කඩුලු පහ බැගින් දවාගැනීමට සමත්විය.
පසුගිය සෙනසුරාදා ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 282ක් රැස්කළ අතර, එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 299ක් රැස්කළේය. නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකළ කොදෙව් කණ්ඩායම ලකණු 234ක් රැස්කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 217ක ඉලක්කයක් හිමිවිය.
කොදෙව් 'ඒ' පළමු ඉනිම 282/10 (පන්දුවාර 74.5)
අසාද් ෆුඩාදීන් 103 (පන්දු 187, 4x11)
ක්‍රෙග් බ්‍රාත්වෙයිට් 75 (පන්දු 119, 4x7)
තරිඳු කෞෂාල් 5/125 (පන්දුවාර 32)
නුවන් ප්‍රදීප් 4/40 (පන්දුවාර 9)
ශ්‍රී ලංකා 'ඒ' පළමු ඉනිම 299/6 (පන්දුවාර 72)
උපුල් තරංග 77 (පන්දු 120, 4x12)
දිනේෂ් චන්දිමාල් 44 (පන්දු 103, 4x4)
කාලොස් බ්‍රාත්වෙයිට් 3/28 (පන්දුවාර 11)
කොදෙව් 'ඒ' දෙවැනි ඉනිම234/10 (පන්දුවාර 83.2)
ජොනතන් කාටර් 78 (පන්දු 167, 4x6)
ඇන්ඩෘ ෆ්ලෙචර්66 (පන්දු 154, 4x6)
තරිඳු කෞෂාල් 5/78 (පන්දුවාර 29.2)
චතුරංගද සිල්වා4/457 (පන්දුවාර 25)
ශ්‍රී ලංකා 'ඒ' දෙවැනි ඉනිම 166/5 (පන්දුවාර 44.1)
ළහිරු තිරිමාන්න 57* (පන්දු 133, 4x5)
අශාන් ප්රියන්ජව් 36 (පන්දු 47, 4x6)
ශානොන් ගේබ්‍රියල් 36/2 (පන්දුවාර 9.1)
දේවේන්ද්‍ර බිෂූ 71/2 (පන්දුවාර 14)