තරග පාවාදීම් හේතුවෙන් තරග තහනමකට ලක්වූ ඇතැම් ක්රිකට් ක්රීඩකයන්ට සිය දඬුවම් කාලය අවසන් වීමට ප්රථම සිය රටේ ප්රාන්ත ක්රිකට් තරග සඳහා සහාය විය හැකි නව නීතියක් සඳහා අන්තර්ජාතික ක්රිකට් පාලක මණ්ඩලයේ (අයි.සී.සී) අනුමැතිය හිමිවී ඇත.
මෙම නව නීතිය පිළිබඳ මීට පෙර ඩුබායිහිදී පැවැති ක්රිකට් විධායක කමිටු රැස්වීමකදී සාකච්ඡා කෙරිණි.
මෙම අනුමැතිය ලැබීමත් සමග බොහෝ දෙනෙකුගේ අවධානය පාකිස්ථානයේ හිටපු ක්රිකට් ක්රීඩකයන් තිදෙනෙකු වූ සල්මාන් බට්, මොහොමඩ් ආසීක් හා මොහොමඩ් අමීර් වෙත යොමු වී ඇත.
එහිදී ක්රිකට් විචාරකයන් පවසා සිටියේ, ඉතිරි දෙදෙනාට වඩා එළඹෙන වර්ෂයේදී තම තරග තහනම් කාලය අවසන් වීමට නියමිත වේග පන්දු යවන ක්රීඩක මොහොමඩ් අමීර්ට මෙමගින් වැඩි වාසියක් අත්වනු ඇති බවයි.