ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තරගාවලියට හොඳින් අවතීර්ණ වී සිටින බවත්, අද පැවැත්වෙන තරගය ජයගෙන තරගාවලිය ජයගැනීම කණ්ඩායමේ එකම අරමුණ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු පැවසීය.
ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පල්ලෙකැලේදී අද (10දා) පැවැත්වෙන පස්වැනි එක්දින තරගය පිළිබඳව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී මාවන් මෙම අදහස් දැක්වීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාවන්
"හම්බන්තොට පැවැති තරගයේදී අපි හොඳින් තරගයට අවතීර්ණ වුණේ නැහැ. නමුත් එම තරගයෙන් පසු කණ්ඩායම ඉතාමත් හොඳ සැලැස්මක් යටතේ ක්‍රීඩා කළා. විශේෂයෙන් පසුගිය තරගයේ ලැබූ ජයග්‍රහණයත් එක්ක කණ්ඩායමේ ආත්ම විශ්වාසය තවත් වැඩි වුණා. එ
මනිසා හෙට (අද) තරගය ජයගෙන තරගාවලිය ජයගැනීමට උත්සාහ කරනවා. කෙසේ නමුත් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිරීමක් සිදුකරනවාද කියා අවසන් තීරණයක් ගෙන නැහැ. එය තේරීම් කමිටුවත් එක්ක සහභාගීවෙලා ගන්න තීරණයක්. අද සන්ධ්‍යාවේ හෝ හෙට තරගයට පෙර මේ පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගන්නවා."
අජන්ත මෙන්ඩිස්ට එරෙහිව ප්‍රතිවාදී පිතිකරුවන් වැඩි වශයෙන් ලකුණු ලබාගත්තේ ඔහු ලසිත් මාලිංග හා නුවන් කුලසේකරගේ කාර්යය සිදුකළ බැවින් බව මාවන් අනාවරණය කළේය.
"අජන්ත මෙන්ඩිස් මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිදුකරන කාර්යය තේරුම්ගන්න ඕන. කණ්ඩායමේ හැමෝටම එකම කාර්යය කරන්න බැහැ. හැමෝටම වෙන් වෙන් වගකීම් තිබෙනවා. ලසිත් මාලිංගයි නුවන් කුලසේකරයි පසුගිය කාලවල දිගින් දිගටම පන්දුවාර 40 පසු පන්දු යැවීම සිදුකළේ. නමුත් ඔවුන් දෙදෙනාම ක්‍රීඩා නොකරන නිසාත්, එම කාර්යය සිදුකිරීමට විශේෂඥයෙක් යොදා ගැනීම ගැන අපට අත්දැකීම් නොමැති නිසාත් ඒ අමාරු වගකීම පැවරුණේ අජන්තට. එමනිසා අනෙක් පන්දු යවන්නන්ට වඩා ඔහුට එරෙහිව ලකුණු ලබාගත්තා. නමුත් ඔහු ඒ සෑම වේලාවෙම කඩුලු ලබාගත්තා. එමනිසා ඔහු මේ දිනවල සිදුකළේ අමාරු කාර්යයක්"
සචිත්ර ගැන තීරණ ගනිද්දිත් ඉදිරියේදී පරිස්සම් වෙනවා'.අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සචිත්ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව නැවත සිදුකළ පරීක්ෂණයේදී නිවැරදිව සිදුකර ඇති බව ඊයේ නිවේදනය කළ අතර, ඒ සම්බන්ධයෙන්ද මාවන් අදහස් දැක්වීය.
"සචිත්ර නැවතත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සකස් කරගෙන තිබෙනවා. ඒ ගැන සතුටුයි. ඔහු ඉදිරි තරගවලට යොදා ගන්නාවද නැද්ද කියන එක තේරීම් කමිටුව තීරණය කරයි. සචිත්ර ගැන මීට පෙරදීත් තීරණ ගනිද්දී හරි පරිස්සමින් ගත්තේ. ඒක ඒ විදියටම ඉදිරි තරගවලදීත් කරගෙන යනවා. කණ්ඩායමට මෙන්ම, රටට කණ්ඩායමට අවශ්‍ය තීරණයක් තේරීම් කමිටුව ගනීවි කියලා විශ්වාස කරනවා.
දේශීය තරග බිමට වඩා ජාත්‍යන්තර පිටියේදී දක්ෂතා දක්වනවා කියන්නේ අපි හිතනවාට වඩා ලොකු දෙයක්. දේශීය තරගවල ක්‍රීඩා කරනවාට වඩා ලොකු පීඩනයකින් ක්‍රීඩා කරන්නේ. එමනිසා ක්‍රීඩකයන්ගේ දක්ෂතා තක්සේරු කරන්න අපහසුයි. ඒක තමයි අභියෝගය. සචිත්ර ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඔහු ධෛර්යවන්ත, කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් උනන්දු කරන ක්‍රීඩකයෙක්. එමනිසා ඔහුට හානියක් නොවෙයි කියලා මම විශ්වාස කරනවා." යැයි මාවන් පවසා සිටියේය.