ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් හම්බන්තොට ශාර්ක්ස් කණ්ඩායම පරදා ලකුණු 35-15ක ජයක් ලැබීමට පසුගිය වර මෙම තරගාවලියේ ශූරයින් වූ නාවික හමුදා කණ්ඩායම සමත් විය.
බෙලිඅත්තේදී පැවති මෙම තරගයේදී නාවික හමුදාව ගෝල දිනුම් 5 ක් මගින් සිය ලකුණු 35 රැස් කළ අතර දඩුවම් පහර 5 ක් සාර්ථක කරගනිමින් හම්බන්තොට ශාර්ක්ස් ක්රීඩකයින් සිය ලකුණු 15 රැස් කර ගත්හ. තරගයේ පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 28-06 ක් ලෙස නාවික හමුදාව ඉදිරියෙන් සිටිමිනි.