සත්කාරක පාකිස්තාන කණ්ඩායම හා සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබාහිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පාකිස්තානු කණ්ඩායමේ නායක මිස්බා උල් හක්, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වාර්තා කිහිපයක් තම නම ඉදිරියේ සනිටුහන් කරගැනීමට සමත්විය. එම වාර්තා කිහිපයක් පහතින් දැක්වෙයි. දෙරට අතර පැවැත්වෙන මෙම තරගය අදින් (03දා) අවසන් වේ.
* බටහිර ඉන්දීය කොදෙව්හි විවියන් රිචඩ්ස් පන්දු 56කදී ශතකයක් වාර්තා කර ලොව වේගවත්ම ටෙස්ට් ශතකයට මෙතෙක් හිමිකම් කියූ අතර, වසර 28කට පසු (1985/86) එම වාර්තාව සමකිරීමට මිස්බා උල් හක් මෙම තරගයේදී සමත්විය. පන්දු 56කදී ඔහුද තම පස්වැනි ටෙස්ට් ශතකය ලබාගත්තේය.
* ශතකය ලබාගැනීම සඳහා මිස්බා මිනිත්තු 74 ක කාලයක් වැයකළ අතර, එය අඩුම කාලයකදී ටෙස්ට් ශතකයක් ලබාගත් ලොව දෙවැනි අවස්ථාව වේ. මෙහි වාර්තාවට හිමිකම් කියන ඔස්ට්‍රේලියාවේ ජැක් ජෝර්ජ් 1921 වසරේදී මිනිත්තු 70කදී ටෙස්ට් ශතකය ලබාගෙන ඇත.
* මිස්බා දෙවැනි ඉනිමේදී පන්දු 21කදී අර්ධ ශතකය ලබාගත් අතර, එය වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකය වේ. මීට පෙර 2005 වසරේදී ජැක් කාලිස් සිම්බාබ්වේට එරෙහිව පන්දු 24කදී මෙම දක්ෂතාව දක්වා තිබිණි. එමෙන්ම මිස්බා ලබාගත් අර්ධ ශතකය අඩුම කාලයකදී (මිනිත්තු 24) ලබාගත් ලොව පළමු ටෙස්ට් අර්ධ ශතකයද වේ. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියූ බංග්ලාදේශයේ මොහොමඩ් අශ්රාෆුල් මිනිත්තු 27කදී ඉන්දියාවට එරෙහිව මෙම දක්ෂතාව දක්වා තිබිණි.
* ඔස්ට්‍රේලියානු කණ්ඩායමකට එරෙහිව ටෙස්ට් තරගයක ඉනිම් දෙකෙහිම ශතක දෙකක් වාර්තා කළ ලොව පළමු නායකයා මිස්බා උල් හක්ය. එමෙන්ම ඕනෑම ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව එම දක්ෂතා දැක්වූ දෙවැනි පාකිස්තාන නායකයාද ඔහු වන අතර, ඔහුට පෙර ඉන්සමාම් උල් හක් මෙම දක්ෂතාව දක්වා ඇත.
* මිස්බා හා අසර් අලි සිවුවැනි කඩුල්ලට පන්දු 102කදී ලකුණු 141 ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගූ අතර, එය ටෙස්ට් තරගයක පාකිස්තාන පිතිකරු යුගලයක් ඕනැම කඩුල්ලක් වෙනුවෙන් ශතක සබඳතාවක් ගොඩනැගූ වේගවත්ම අවස්ථාව වේ. එමෙන්ම එය ලොව තෙවැනි වේගවත්ම ශතක සබඳතාවද වෙයි.