ශ්‍රී ලංකාව සමගින් මේ මස අගදී ආරම්භ වන එක්දින තරගාවලියෙන් එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ඉවත් කර ඇත. ඊට හේතු වී ඇත්තේ ඇන්ඩර්සන්ගේ වම් දණහිසේ ඇතිවූ ආබාධයකි.
මේ අනුව එංගලන්තයට මෙවර ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වීමට සිදුවී ඇත්තේ ඔවුන්ගේ ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනෙකු වන ස්ටුවර්ඩ් බ්‍රෝඩ් හා ජේම්ස් ඇන්ඩර්සන් නොමැතිවය.
බ්රෝඩ්ටද මෙම තරගාවලියට එක්වීමට නොහැකි වනුයේ ඔහුගේ දණහිසේ සිදුකළ ශල්‍යකර්මයක් හේතුවෙනි.
තරග හතකින් සමන්විත එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය එළඹෙන (26දා) ආරම්භ වේ.