ජනාධිපති ශූරතාව බස්නාහිරට
සුපුරුදු පරිදි බස්නාහිර පළාත ජනාධිපති ශූරතාව හිමිකරගනිමින් ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ 40 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළ ඊයේ (27දා) අලුතින් ඉදිකළ අනුරාධපුර උතුරු මැද පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත්විය. මෙහි අනුශූරතාව මධ්‍යම පළාතට හිමි වූ අතර, තෙවැනි ස්ථානය වයඹ පළාතට හිමිවිය.
උස පැනීම ඉසව්ව නියෝජනය කරමින් මීටර 2.15 ක දක්ෂතාවක් දැක්වූ දකුණු පළාතේ මංජුල කුමාර දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, මීටර් 400 කාන්තා ඉසව්ව තත්ත්පර 55.80කින් නිමකළ වයඹ පළාතේ චන්ද්‍රිකා සුභාෂිණී රස්නායක දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන ලැබූහ.
ඊයේ (27දා) පැවැති අවසන් තරග ඉසව් අතරින් මීටර 100 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගනිමින් මෙවර ක්‍රීඩා උලෙළේ වේගවත්ම මලල ක්‍රීඩකයා ලෙස දකුණු පළාත නියෝජනය කළ එම්.වී. සුරංජය සිල්වා (තත්. 10.83) සම්මාන හිමිකරගත්තේය. බස්නාහිර පළාතේ ආර්.ඩී.යූ.එස්. සුරේන්ද්‍ර (තත්. 10.95) එහි රිදී පදක්කමද, නැගෙනහිර පළාතේ ඒ.එල්.එම්. අශ්රොෆ් (තත්. 11.02) එහි ලෝකඩ පදක්කමද දිනාගත්හ.
මීටර 100 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත් දකුණු පළාතේ එන්.සී.ඩී. ප්‍රියදර්ශනී (තත්. 12.29) වේගවත්ම ක්‍රීඩිකාව ලෙස සම්මාන හිමිකරගත්තාය. එහි රිදී පදක්කම ඌව පළාතේ එස්.එල්. විදානදුරගේ (තත්. 12.53) දිනාගත් අතර, බස්නාහිර පළාතේ එම්.ඒ.එස්.එස්. ජයතිලක (තත්. 12.63) ලෝකඩ පදක්කම දිනාගත්තාය.
මීටර 5000 බාලක ඉසව්වේ රන් පදක්කම මධ්‍යම පළාතේ ඩී. ලයනල් සමරජීව (වි. 15.41.32) දිනාගත් අතර, ඔහු මෙම ක්‍රීඩා උලෙළේ මෙම ඉසව්වේ රන් පදක්කම නොකඩවා හිමිකරගත් සිවුවැනි අවස්ථාවද මෙය වෙයි. රිදී පදක්කම ඌව පළාතේ කේ.ජී.ආර්.එස්. කුමාරද (වි. 15.47.29), දකුණු පළාතේ බී.යූ. විජිත කුමාර (වි. 15.51.51) ලෝකඩ පදක්කමද දිනාගත්හ.
පාපන්දු පිරිමි තරගයේදී උතුරු පළාත් කණ්ඩායම පරාජය කර ගෝල 3-0 ක ජයක් ලැබීමට දකුණු පළාත් කණ්ඩායම සමත්විය. පසුගිය සෙනසුරාදා (25දා) ආරම්භ වූ මෙම ක්‍රීඩා උලෙළේ පළමු දින දෙකට වර්ෂාවෙන් බාධා ඇතිවිය. මෙවර ක්‍රීඩා උලෙළේදී බිහිවූයේ එක් ශ්‍රී ලංකා වාර්තාවක් පමණි. ඒ හැරෙන්නට එකදු තරග වාර්තාවක් හෝ බිහි නොවූ අතර, සියලු ජයග්‍රහණ රන් පදක්කමකට පමණක් සීමාවිය.
මෙවර ක්‍රීඩා උලෙළේ බිහිවූ එකම ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට ඌව පළාතේ අයේෂා මධුවන්ති සමත්වූවාය. පෙරේදා පැවැති මිටිය විසිකිරීම කාන්තා ඉසව්ව නියෝජනය කළ ඇය මීටර 42.74 ක දක්ෂතාවක් දක්වමින් එම වාර්තාව පිහිටුවීය.
ඡායාරූප ක්‍රිශාන් රණසිංහ
තරග ඉසව් ප්‍රතිඵල
මීටර 110 කඩුලු මතින් දිවීම (පිරිමි)- රන් - කේ.පී.එච්. නිර්මාල් (තත්. 14.95/ බස්නාහිර), රිදී - ඩබ්.කේ.එම්.යූ. කුමාර (තත්. 15.18/ සබරගමුව), ලෝකඩ -කේ.ඒ.ඩී.ආර්.කේ. කුරුප්පු (15.29/ බස්නාහිර)
මීටර 1500 (පිරිමි) - රන්- කේ.පී.කේ. මෙන්ඩිස් (වි.3.58.81/ඌව), රිදී - ටී.යූ.ජී.අයි.ඩී. ලංකා (වි. 3.59.87/ ඌව), ලෝකඩ - එන්.කේ.ජී.ඒ.එන්. කුමාර (වි. 4.00.51/මධ්‍යම)
මීටර 1500 (කාන්තා) - රන් - ජී.ටී.ඒ. අබේරත්න (වි. 4.32.93/දකුණ), රිදී - ඩබ්.පී.ඊ.ආර්. දුලක්ෂි (වි.4.35.19/දකුණ), ලෝකඩ - යූ.කේ.එන්. රත්නායක (වි. 4.36.71/සබරගමුව)
තුන්පිම්ම (පිරිමි) - රන් - ටී.ඒ. දුලාජ් නිරංජන් (මී. 15.52/බස්නාහිර), රිදී - ජේ.ඒ.එන්.කේ. අප්පුහාමි (මී.15.29/බස්නාහිර), ලෝකඩ - සී.ජී.එස්.ටී. සෙනෙවිරත්න (මී. 15.10/මධ්‍යම)
මීටර 10,000 (කාන්තා) - රන්- එච්.ඒ.ටී.සී. හේමමාලි (වි. 37.01.09/සබරගමුව), රිදී - ඒ.එන්.එල්. ආරියදාස (වි.37.58.56/සබරගමුව), ලෝකඩ - එස්.ඒ. ළමාහේවා (වි. 39.47.76/ඌව)
උස පැනීම (කාන්තා) - රන් - ආර්.කේ.ඒ.පී. මධුවන්ති (මී. 1.76/ වයඹ), රිදී - එල්.ජී.ඒ. තරංගා (මී. 1.71/ දකුණ), ලෝකඩ - එච්.එම්.එන්. මධුශානි (මී. 1.69/ උතුරු මැද)
කවපෙත්ත විසිකිරීම (කාන්තා) - රන් - පී.කේ.ඒ.ඒ. මධුවන්ති (මී.39.65/ඌව), රිදී - ඩබ්.එම්.එස්.කේ. වීරසේකර (මී.37.38/උතුරු මැද), ලෝකඩ - ජේ.පී. ගයා දර්ශණී (මී. 35.78/දකුණ)
හෙල්ල විසිකිරීම (කාන්තා) - රන් - බී.එල්.එන්. ලක්මාලි (මී. 55.10/ දකුණ), රිදී - ඇන් මහේෂි සිල්වා (මී. 45.51/ බස්නාහර), ලෝකඩ - එච්.එල්.එම්.ඩී. ලේකම්ගේ (මී. 44.49/සබරගමුව)
මීටර 400 (පිරිමි) - රන් - ඒ.එම්. ගුණරත්න (තත්.49.63/මධ්‍යම), රිදී - ආර්.ජී.එන්.කරුණාරත්න (තත්. 49.71/සබරගමුව), ලෝකඩ - කේ.කේ.කේ. සෙනෙවිරත්න (තත්. 50.21/උතුරු මැද)
මීටර 100 කඩුලු පැනීම (කාන්තා) - රන් - ආර්.ඒ.අයි.එස්. රාජසිංහ (තත්. 15.32/වයඹ), රිදී- එල්.ඩී.එන්.ජී. ජයතිලක (තත්. 15.55/සබරගමුව), ලෝකඩ - බී.එස්. දුලක්ෂි (තත්. 15.61/ බස්නාහිර)
මීටර 4x400 (පිරිමි) - රන් - මධ්‍යම (වි. 3.20.68), රිදී - උතුරු මැද (වි. 3.21.04), ලෝකඩ - සබරගමුව (වි. 3.21.51)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

