එකොළොස් වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ (29දා) නිමාවට පත් වූයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ශූරතාව හිමිකර දෙමිනි. ඔවුන් එලෙස ජයපැන් බොද්දී මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ එම පරාජය පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ පැනයන්ට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ කරුණු දැක්වීමයි. මෙම මාධ්‍ය සාකච්ඡාව පසුගිය සිකුරාදා (27දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නායකයාට අමතරව තේරීම් කම්ටු සභාපති සනත් ජයසූරිය සහ ප්‍රධාන පුහුණුකරු මාවන් අතපත්තු යන අයද සහභාගී වූහ.
Q නවසීලන්ත තරග සංචාරය සාර්ථක නොවුණු නිසා ලෝක කුසලානයට පිවිසීමේදී කණ්ඩායමේ සැලසුම?
නවසීලන්ත සංචාරය ලෝක කුසලානයට පෙර තිබුණ එක පිළිබඳව මම සතුටු වෙනවා. මොකද එයින් නවසීලන්තයේ දේශගුණයට හැඩ ගැහෙන්න අපට අවස්ථාවක් ලැබුණා. නමුත් එම තරගාවලියේදී නවසීලන්තය අපට වඩා හොඳින් ක්‍රීඩා කළා. අපි තරග දෙකක් පමණයි ජයග්‍රහණය කළේ. ඒකට ඔවුන්ගේ දේශගුණයේ ක්රීඩාකිරීමත් බලපාන්න ඇති. නමුත් තරග දෙකක් හරි ජයග්‍රහණය කරපු නිසා අපේ මානසිකත්වය හොඳ මට්ට්මක පැවතුණා.
අර්ධ අවසන් පූර්ව වටයට පැමිණීම දක්වා පිතිකරුවන්ගේ දක්ෂතා දක්නට ලැබුණත්, පන්දු යවන්නන් එතරම් හොඳින් දක්ෂතා දැක්වූවේ නෑ?
ඒ කාරණය පිළිගන්න බෑ. අපට සිටින හොඳම පන්දු යවන්නන් තමයි තරගාවලියට ක්‍රීඩා කළේ. එහි පැවැති දේශගුණය යටතේ පන්දු යවන්නන්ට උපරිම දේ කළා. අපි ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේදී පන්දු යවන්නන් හොඳින් ක්‍රීඩා කළා. පිතිකරුවන් ලකුණු 275 ක් වගේ සංඛ්‍යාවකට ගිහින් තිබුණනම් හොඳ තරගයක් ලබා දෙන්න තිබුණා.
Q තරගාවලිය අතරතුරදී වැඩිම ක්‍රීඩකයන් ආදේශ කරපු කණ්ඩායම ශ්‍රී ලංකාව. මෙයට හේතුව කුමක්ද?
ක්‍රීඩකයන් ආදේශයට ප්‍රධානතම හේතුව ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීම. පන්දු වැදී ආබාධයට ලක්වූ ක්‍රීඩකයන් ගොඩක් හිටියා. ඒවා අපට නවත්වන්න බෑ. කිසිම තරගයකට මුල් ක්‍රීඩකයන් 15 දෙනා හිටියෙ නෑ. එයත් පරාජයට හේතුවක් වුණා. අනිත් අතින් පන්දු රැකීම හොඳ මට්ටමක් තිබුණෙ නෑ.
Q තිරිමාන්න ආරම්භක පිතිකරුවා ලෙස පළමු තරග කිහිපයේදී කටයුතු කළත්, අර්ධ අවසන් පූර්ව වටයේදී ඒ සඳහා කුසල් නම් කළේ ඇයි?
අර්ධ අවසන් පූර්ව වටයේදී කුසල්ව ආරම්භක පිතිකරු කළේ ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේදී දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වීම නිසා. එම සිදුවීම නිසා කණ්ඩායමේ සමබරතාව රැකගන්න බැරි වුණා. කුසල් හොඳටම ක්‍රීඩා කරල තිබෙන්නේ ආරම්භක පිතිකරුවෙකුගේ භූමිකාව නිසා වේගවත් ආරම්භයක් ලබා ගැනීමට ආදේශ කළේ. අනිත් අතින් තිරිමාන්නගේ අත්දැකීමත් සමග අංක 04 ස්ථානය ඔහුට සුදුසුයි කියල අපි විශ්වාස කළා.
Q අර්ධ අවසන් පූර්ව වටයේදී නවක ක්‍රීඩකයෙකු ආදේශ කළේ පූර්ණ විශ්වාසයකින්ද?
කිසිම ක්‍රීඩකයෙකුගේ දක්ෂතා පිළිබඳ අපට සියයට සීයක් විශ්වාස තියන්න බෑ. තරගයෙන් තරගයට සෑම ක්‍රීඩකයෙකුටම යම් පීඩනයක් තිබෙනවා. තණතිල්ල, ප්‍රතිවාදී කණ්ඩායම පිළිබඳ සලකා බලලා ඒ දවස තුළ යොදා ගත හැකි හොඳම කණ්ඩායම තමයි අපි යොදා ගන්නෙ. නවසීලන්ත තණතිලි දඟ පන්දු යවන්නට වැඩි සහයෝගයක් දක්වන්නෙ නෑ. අනිත් කාරණේ, තරිඳු ප්‍රහාරාත්මක පන්දු යවන්නෙක්. මෙරට අන්තර් සමාජ තරගාවලිවල ඔහු හොඳින් කඩුලු ලබා ගන්නවා. ඒ විශ්වාසය මත තමයි ඔහුව නම් කළේ.
Q සංගා හා මහේලගේ ස්ථානවලට ක්‍රීඩකයන් ආදේශය පිළිබඳව මොකද කියන්නේ?
ඒක බොහොම අමාරු ඉලක්කයක්. ඔවුන් දෙදෙනාගේ හිස්වීම කණ්ඩායමට ලොකු පාඩුවක්. මම හිතන්නෙ ඒ අඩුව පුරවන්න තවත් කලක් ගතවෙයි. නමුත් දක්ෂතා සහිත තරුණ ක්‍රීඩකයන් රැසක් අපට සිටිනවා. ඒ නිසා ඔවුන්ගේ (සංගා - මහේල) ස්ථානවලට අනිවාර්යයෙන්ම දක්ෂතා සහිත ක්‍රීඩකයන් ආදේශ වෙයි කියල හිතනවා.
ඔස්ට්‍රේලියාවට හොඳම තරගය ලබා දුන් කණ්ඩායම අපි
- ශ්‍රී ලංකා පුහුණුකරු මාවන් අතපත්තු
Q ලෝක කුසලාන තරගාවලියේ ඔබ හඳුනාගත් ශක්තිමත් හා දුර්වල ස්ථාන මොනවාද ?
කණ්ඩායමේ පිතිකරුවන්ගේ දක්ෂතා හොඳ මට්ටමකින් දක්නට ලැබුණා. බොහෝ තරගවල අපි ලකුණු 300 සීමාව පසු කළා. විශේෂයෙන් ඔස්ට්‍රේලියාව සමග තරගය ගත්තොත් අපි ඉතාම හොඳ ලකුණු හඹා යෑමක් සිදු කළා. සමහර අවස්ථාවලදී පන්දු යවන්නන්ගේ දුර්වලතා තිබුණා. නමුත් සමස්තයක් ලෙස අපි හොඳ ක්‍රීඩා රටාවක යෙදුණා.
Q ඔබ පුහුණුකරු වූ පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ වූවා යැයි දෝෂාරෝපණ එල්ල වෙනවා?
හිටපු පුහුණුකරු සිය තනතුර අතහැරල ගියාට පසු මට පුහුණුකරු ධුරය ලැබුණෙ පසුගිය වසරේදි. නමුත් මම පුහුණුකරු වුණාට පසු අපි හොඳ තරග සංචාර කිහිපයක් සිදු කළා. මෙවර ලෝක කුසලානය ගත්තොත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය දිනා ගනියි කියල බොහෝ දෙනෙක් විශ්වාස කළෙ නෑ. මොකද ඊට වඩා හොඳ කණ්ඩායම් ක්‍රීඩා කළා. විශේෂයෙන් දකුණු අප්‍රිකාව කියන්නෙ තරගාවලියේ සිටි දක්ෂතම කණ්ඩායමක්. විචාරකයන් පවා කිව්වේ ශ්‍රී ලංකාවට වඩා හොඳ කණ්ඩායම් තරගාවලියේ ඉන්නවා කියල. නමුත් කණ්ඩායමක් ලෙස අපි විශ්වාස කළා ඒ සියලු කියමන් අබිබවා අපිට තරගාවලියේ සාර්ථක කණ්ඩායමක් බවට පත් වෙන්න පුළුවන් කියල. අපි තමයි ඔස්ට්‍රේලියාවට හොඳම තරගය ලබා දුන්න කණ්ඩායම. නමුත් මේක තරගාවලියක්. එක තරගයකින් සම්පූර්ණ තරගාවලියේම තීරණයම වෙනස් වෙන්න පුළුවන්. ඒ පිළිබඳව කාටවත් දොස් කියන්න බෑ. මම හිතන්නෙත් නෑ ඒක ලොකු පසුබෑමක් කියල.
Q වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් හා ඔබ අතරේ යම් ගැටලුවක් ඇති වුණා කියල රාවයක් පැතිරුණා. මොකද්ද ඒ අර්බුදය?
ගැටලුවක් තිබුණ කියල මම පිළිගන්නෙ නෑ. නමුත් අපි කතා කරන දේවල් අතර යම් රහස්‍යභාවයක් තිබිය යුතුයි. එමනිසා මේ අවස්ථාවේදී ඒ පිළිබඳ විස්තර හෙළි කිරීම සුදුසුයි කියල මම හිතන්නෙ නැහැ.
Q ඉදිරියේදී පැවැත්වෙන තරගාවලි සඳහා සැලසුම් කොහොමද?
ඒ පිළිබඳව දැන් සිටම සාකච්ඡා කරනවා. අපේ තිබෙන ලොකුම අඩුපාඩුවක් තමයි, ශාරීරික යෝග්‍යතාවයේ අඩුව. ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලානය සඳහා අපේ අඩුපාඩු සකසා ගන්න මෙය හොඳ අවස්ථාවක්. ඒ වගේම තරුණ ක්‍රීඩකයන් සඳහා කණ්ඩායමේ ස්ථානයක් ලබාදී ස්ථාවර වීම සඳහා තවත් කාලයක් දෙන්න ඕන. වර්තමානයේ ක්‍රිකට් ක්ෂේත්රයේ සිටින සුපිරි ක්‍රීඩකයන් පවා ආරම්භයේදී ස්ථාවර වීමට යම් කාලයක් ගත කළ ක්‍රීඩකයන්. උදාහරණයක් විදිහට සංගක්කාර පටන් ගත් කාලෙට වඩා අද වනවිට චන්දිමාල්ගේ පටන්ගැනීම හොඳයි.
Q පසුගිය වසරේ පැවැති ඉන්දීය සංචාරය ශාරීරික යෝග්‍යතාව අවම වීමට බලපෑමක් ඇතිවුණාද?
එය මූලික හේතුවමයි කියන්න බෑ. මොකද ක්‍රීඩකයන්ට ඇතිවූ ආබාධ අතරින් මාංශපේශීන් වල ආබාධ ඇතිවුණේ දෙදෙනාටයි, අනිත් ඒවා බහුතරයක් අස්ථි බිඳීම්. ඉන්දීය සංචාරය ක්‍රීඩාව පැත්තෙන් විතරක් ගත් සංචාරයක් නෙමෙයි. එහි පරිපාලනමය පැත්තකුත් තිබෙනවා. මම හිතන්නෙ ඒ සිදුවීම් ඉදිරියේදී පාඩමක් කරගන්නවා නම් හොඳයි.
Q පුහුණුකරු තනතුරට පත්වූ පසු කණ්ඩායමට ඔබෙන් ලැබුණු දායකත්වය කොහොමද දකින්නෙ?
දකුණු අප්‍රිකානු, ඉන්දීය, නවසීලන්ත හා ලෝක කුසලාන තරගාවලි දෙස හැරී බැලුවොත් අපට සාර්ථකත්වයක් ලබා ගන්න බැරි වූ තරගාවලි. මම සෑමවිටම කණ්ඩායමේ ක්‍රීඩකයන් හා අනෙකුත් නිලධාරීන්ගේ එකතුවක් යටතේ තමයි වැඩ කරන්නෙ. නමුත් වගකීමක් බාර ගැනීමේදීත් සැලැස්මක් සකස් කිරීමේදීත් මම මූලික වෙනවා. මම දකින විදිහට කණ්ඩායමේ දියුණුවක් ඇති වෙලා තිබෙනවා. නමුත් දියුණුව කියන දේ තරගාවලියෙන් තරගාවලියට වෙනස් වෙනවා. ඒක පුහුණුකරුවෙකුට ලොකු අභියෝගයක්.
ක්‍රීඩකයන් නම් කළේ හෘදසාක්ෂියට එකඟව
- තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය
Q තරගාවලියට ක්‍රීඩකයන් නම් කිරීම සිදුකළේ හෘද සාක්ෂියට එකඟවද?
ඔව්, තේරීම් කමිටුව කණ්ඩායමක් නම් කිරීමේදී නායකයා, පුහුණුකරුගෙන් කරුණු විමසනවා. විශේෂයෙන් නවසීලන්තය වැනි රටක දේශගුණයේදී දක්ෂතා දැක්විය හැකි ක්‍රීඩකයන් පිළිබඳ අපි අවධානය යොමු කරල තමයි තෝරා ගැනීම් සිදු කරන්නෙ.
ඡායාරූප ඉසුරු පෙරේරා