හර්ෂණ ගොඩමාන්නගේ සුපිරි ක්‍රීඩා රටාව හේතුවෙන් ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ තෙවැනි කාණ්ඩයට වැටීමේ අවදානමෙන් මිදීමට ශ්‍රී ලංකාවට හැකිවිය. ඒ තරගාවලියේ ඊයේ (19දා) පැවැති දෙවැනි වටයේ කේවල අවසන් තරගයෙන් ලෙබනන ක්‍රීඩක ජෑඩ් බැලොට් පරාජය කිරීමට ගොඩමාන්න සමත්වීම හේතුවෙනි.
කේවල තරග 04 ක් හා එක් යුගල තරගයක් ලෙස තරග පහකින් යුත් මෙම තරගාවලියේ පස්වැනි හා අවසන් තරගය ලෙස මෙම තරගය පැවැත්වුණු අතර, රටවල් දෙකම තරග 2 -2 බැගින් ජයගෙන සිටි හෙයින් මෙම තරගයේ ජය තීරණාත්මක සාධකයක් විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ හර්ෂණ ගොඩමාන්න ලෙබනන ක්‍රීඩකයා 6/3, 6/2, 6/3 ක් ලෙස තරග වට 3-0කින් පරාජය කිරීමට සමත්විය. ඒ හේතුවෙන් එළඹෙන වර්ෂයේදීද මෙම තරගාවලියේ දෙවැනි කාණ්ඩයෙන්ම (Division 11) තරග කිරීමට ශ්‍රී ලංකාවට හැකිවන අතර, ලෙබනනය තෙවැනි කාණ්ඩය ((Division 111)) දක්වා පහතට වැටුණි. ගොඩමාන්න මෙම තරගාවලිය වෙනුවෙන්ම කැනඩාවේ සිට දිවයිනට පැමිණ ඇත.
පුරා දින තුනක් (17,18, 19) කොළඹ ටෙනිස් සම්මේලන මූලස්ථාන ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ (19දා) දිනයේදී කේවල තරග දෙකක් පැවැත්විණි. ඉන් පළමු තරගයට ක්‍රීඩාකළ ශ්‍රී ලංකාවේ ශාමල් දිසානායක, ලෙබනනයේ හැඩි හබීබ් හමුවේ 7/5 ,6/4, 4/6,4/6,6/3) ක් ලෙස තරග වට 3-02 ක් ලෙසපරාජයවිය.
ලෝක මට්ටමින් පැවැත්වෙන ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියානු ශාන්තිකර කලාපයේ දෙවැනි කාණ්ඩයේ එක් තරගාවලියක් ලෙස මෙය පැවැත්විණි. මෙම කාණ්ඩයෙන් ඉහළට යාම සඳහා ශ්‍රී ලංකාවට මෙම වර්ෂයේදී පිලිපීනය හා ලෙබනනය සමගින් තරග වැදිය යුතුව තිබුණි.
එහිදී පසුගිය මාර්තු මාසයේදී පිලිපීනය සමගින් පැවැති තරගාවලිය තරග 5-0 ක් ලෙසින් පරාජයට පත් වීමට ශ්‍රී ලංකාවට සිදුවූ අතර, ඒ හේතුවෙන් තෙවැනි කාණ්ඩයට නොවැටීමට මෙම තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අනිවාර්ය විය.කෙසේ වෙතත් ශ්‍රී ලංකාව 2011 වර්ෂයේදී තරගාවලියේ දෙවැනි කාණ්ඩයට පැමිණීමෙන් අනතුරුව මේ දක්වා පළමු කාණ්ඩයට සුදුසුකම් ලබා නොමැත.
මෙම තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට හර්ෂණ ගොඩමාන්න, දිනේෂ්කාන්තන් තංගරාජා, ෂමල් දිසානායක, සංඛ අතුකෝරල හා රොහාන් ද සිල්වා ඇතුළත් වූහ.
තරගාවලියේ අනෙකුත් සියලු තරග ප්‍රතිඵල පහත දැක්වේ.
පළමු දිනය (17) -කේවල තරග
ෂාමල් දිසානායක 3-0 ජාඩ් බැලට් (6/3,6/2,6/1)
හර්ෂණ ගොඩමාන්න 3-0 හැඩි හබීබ් (7/5, 6/3 , 6/3)
දෙවැනි දිනය (18) - යුගල තරග
හර්ෂණ ගොඩමාන්න / තංගරාජා දිනේෂ්කාන්තන් 2- 3 හඩි හබීබ් / ජියෝවානි සමහා (7-6, 2-6, 6-3, 3-6, 6-3)
ඡායාරූප- ශමීර රාජපක්ෂ