කොදෙව් 2-0 බංග්ලාදේශය
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර ශාන්ත ලුසියාහිදී ඊයේ (16දා) පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 296 ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. එම ජයග්‍රහණයත් සමග තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජයගැනීමට ඔවුහු සමත් වූහ.
තරගයේ වීරයා ලෙස ඉනිම් දෙකෙහිම ලකුණු 185 ක් (84/නොදැවී 101) ලබාගත් ශිව්නාරින් චන්ද්‍රපෝල් සම්මාන ලැබූ අතර, ද්විත්ව ශතකයක් (212) සමගින් සමස්ත තරගාවලියේ ලකුණු 324 ක් රැස්කළ ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට් තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය.
බංග්ලාදේශ නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 380 ක් රැස්කිරීමට සමත් විය. ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 161 ක් පමණි.
ලකුණු 219 ක වාසියත් සමගින් නැවතත් දෙවැනි ඉනිම ඇරඹු කොදෙව් කණ්ඩායම ලකුණු 269 ක් රැස්කර ඉනිම අත්හිටුවීය. ඒ අනුව බංග්දේශ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 489 ක ඉලක්කයක් හිමිවූ අතර, එහිදී ඔවුන්ට සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 192 ක් පමණි.
බ.ඉ. කොදෙව් පළමු ඉනිම 380/10 (පන්දුවාර 124)
ශිව්නාරින් චන්ද්‍රපෝල් නොදැවී 84 (පන්දු 198, 4x8, 6x0)
ලියෝ ජොන්සන් 66 (පන්දු 162, 4x5, 6x1)
ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට් 63 (පන්දු 150, 4x5)
අල් අමීන් හුසේන් 3/80 (පන්දුවාර 31)
ශෆියුල් ඉස්ලාම් 2/80 (පන්දුවාර 27)
බංග්ලාදේශ පළමු ඉනිම 161/10 (පන්දුවාර 62.3)
මහමදුල්ලා 53 (පන්දු 100, 4x2, 6x1)
තමීම් ඉක්බාල් 48 (පන්දු 75, 4x6)
කෙමර් රොච් 5/42 (පන්දුවාර 20)
ජෙරොම් ටේලර් 2/41 (පන්දුවාර 19)
බ.ඉ. කොදෙව් දෙවැනි ඉනිම 269/4 (පන්දුවාර 77)
ශිව්නාරින් චන්ද්‍රපෝල් 101* (පන්දු 134, 4x8)
ජෙර්මායිනි බ්ලැක්වුඩ් 66* (පන්දු 120, 4x3, 6x1)
කෙයිග් බ්‍රාත්වෙයිට් 45 (පන්දු 112, 4x3, 6x1)
මහමදුල්ලා 2/64 (පන්දුවාර 16)
ටයිජුල් ඉස්ලාම් 1/81 (පන්දුවාර 28)
බංග්ලාදේශ දෙවැනි ඉනිම 192/10 (පන්දුවාර 77.4)
තමීම් ඉක්බාල් 64 (පන්දු 181, 4x2, 6x1)
මොමිනුල් හක් 56 (පන්දු 139, 4x5)
ශම්සූර් රෙහමාන් 39 (පන්දු 27, 4x4, 6x2)
සුලෙයිමාන් බෙන් 5/72 (පන්දුවාර 32)
ජෙරොම් ටේලර් 3/39 (පන්දුවාර 13)