ක්‍රෙයිග් බ්රාත්වෙයිට්ගේ අනර්ඝ පිතිහරඹය මත ගොඩනැගුණු කොදෙව් පළමු ඉනිම හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර කිංග්ස්ටන්හි ශාන්ත වින්සන්ට් ක්‍රීඩාංගණයේ ඊයේ (09දා) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
බංග්ලාදේශ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 484 ක් රැස්කර ඉනිම අත්හිටුවීය.
පළමු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 182ක් පමණි.
ඒ අනුව ලකුණු 302 ක් පසුපසින් නැවතත් දෙවැනි ඉනිම ඇරඹූ බංග්ලාදේශ කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 314 ක් පමණි. කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 13 ක ඉලක්කයක් හිමිවූ අතර, එම ඉලක්කය පන්දුවාර 2.4 කදී පසුකර යාමට ආරම්භක පිතිකරු යුගලය සමත් විය.
තරගයේ වීරයා ලෙස ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට් සම්මාන ලැබීය. තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය එළඹෙන 13 වැනිදා ආරම්භවේ.
බ.ඉ. කොදෙව් පළමු ඉනිම
ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට් 212 (පන්දු 447, 4x14)
ශිවනාරීන් චන්ද්‍රපෝල් 85* (පන්දු 226, 4x6)
ක්‍රිස් ගේල් 64 (පන්දු 105, 4x10, 6x1)
ඩැරන් බ්රාවෝ 62 (පන්දු 126, 4x6, 6x1)
තයිජුල් ඉස්ලාම් 5/135 (පන්දුවාර 47)
ශුවගාටා හොම් 1/104 (පන්දුවාර 37)
බංග්ලාදේශය පළමු ඉනිම 182/10 (පන්දුවාර 71.4)
මොමිනුල් හක් 51 (පන්දු 112, 4x7)
මුෂ්ෆිකර් රහිම් 48* (පන්දු 79, 4x6)
ශම්සුර් රෙහමාන් 35 (පන්දු 95, 4x5)
සුලෙයිමාන් බෙන් 5/39 (පන්දුවාර 24.4)
ජෙර්මෙයිනි බ්ලැක්වුඩ් 2/14 (පන්දුවාර 6)
බංග්ලාදේශය දෙවැනි ඉනිම 314/10 (පන්දුවාර 113.3)
මුෂ්ෆිකර් රහීම් 116 (පන්දු 243, 4x15, 6x1)
මහමදුල්ලා 66 (පන්දු 151, 4x7, 6x1)
තමිම් ඉක්බාල් 53 (පන්දු 107, 4x4, 6x3)
කෙමර් රොච් 4/64 (පන්දුවාර 22)
ශනොන් ගෙබ්රියල් 2/25 (පන්දුවා 17)
බ.ඉ. කොදෙව් දෙවැනි ඉනිම 13/0 (පන්දුවාර 2.4)
ක්‍රිස් ගේල් 9* (පන්දු 10, 4x2)
ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට් 4* (පන්දු 6, 4x1)