2015 වසරේ පැවැත්වීමට නියමිත එක්දික ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් ආසන්න වශයෙන් රුපියල් කෝටි 49.5 ක (ඇ.ඩො. 3,750,000) ත්‍යාග මුදලක් ලබාදීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. අනුශූරයන් වෙනුවෙන් රුපියල් කෝටි 23.1 (ඇ.ඩො. 1,750,000) ආසන්න මුදලක් ලබාදීමට නියමිතය.
තරගාවලිය පුරාම බෙදාදීමට නියමිත මුදල රුපියල් කෝටි 132 කි. (ඇ.ඩො. මිලියන 10) කි. එය පසුගිය වසර හා සැසඳීමේදී 20%ක වර්ධනයකි.
කිසියම් කණ්ඩායමක් අපරාජිතව තරගාවලිය ජයගතහොත් හිමිවන සමස්ත ත්‍යාග මුදල් ආසන්න වශයෙන් රුපියල් කෝටි 53.06කි. එක් තරගයක් පමණක් පරාජය වී තරගාවලිය ජයගතහොත් ඔවුන්ට හිමිවන ත්‍යාග මුදල රුපියල් කෝටි 52.47කි.
කාණ්ඩ වටයේ ජයගන්නා එක් තරගයකට හිමිවන ත්‍යාග මුදල රුපියල් මිලියන 5.94 කි. අර්ධ අවසන් පූර්ව වටයේ ඉවත්වන කණ්ඩායමකට හිමිවන මුදල රුපියල් මිලියන 39.6 කි. අවසන් පූර්ව වටයෙන් ඉවත්වන කණ්ඩායමකට හිමිවන ත්‍යාග මුදල රුපියල් මිලියන 79.2 කි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අද (10දා) අවසන් වූ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය. තරගාවලිය පුරාවටම විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රම‘වේදය භාවිත කිරීමටද මෙහිදී තීරණය වී තිබේ.
පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරගයකට පමණක් අමතර තරග දිනයක් වෙක්කිරීමටත්, එම වටයේ තරගයක් සම වුවහොත් සුපිරි පන්දුවාරයක් යොදා නොගැනීමටත් තීරණය කර ඇත.
අර්ධ අවසන් පූර්ව වටයේදී හෝ අවසන් පූර්ව වටයේදී ලකුණු සමවීමෙන් අවසන් වන තරගයේදී ඒ ඒ කාණ්ඩවල ඉදිරියෙන් සිටි කණ්ඩායමට ජය හිමිවනු ඇත. යම් හෙයකින් අවසන් තරගය ලකුණු සම වුවහොත් කණ්ඩායම් දෙක සම ශූරයන් ලෙස නම් කරනු ඇත.