ශ්රී ලංකා ක්රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (30දා) කොළඹදී ප්රකාශ කළේය.
"ක්රිකට් මණ්ඩලයට අන්තර් කමිටුවක් දැම්මා. අැයි? ක්රිකට් මණ්ඩලය ඉන්ජිනේරු සංස්ථාවට රුපියල් මිලියන 500ක් ගෙවන්න තියෙනවා. ඒක ගෙවන්න සල්ලි නැත්නම් මුදල් ඇමතිතුමාටයි ඒක ගෙවන්න තියෙන්නේ. අපේ ක්රිකට් තරගය වලට (විකාශය) ලැබිය යුතු සම්පූර්ණ මුදල ලබාගන්නේ නැතිව අැයි සී.එස්.එන්. එකට දුන්නේ (විකාශන අයිතිය) කියන එකත් විශාල ප්රශ්නයක්. ඉතින් මේ කමිටුව මම පත්කරන්න තීරණය කළේ අපිට කෙටි කාලයක් ඕන මේ දූෂණ ගැන හොයන්න අපි පත්කරපු කාර්යාලයට ක්රිකට් මණ්ඩලයේ දූෂණ ගැන හොයන්නත් ඕන.
මේ ක්රිකට් ක්රීඩාංගණ හදන්න ආණ්ඩුවෙන් සල්ලි දුන්නා. නමුත් ඒ මුදල් ඉංජිනේරු සංස්ථාවට දුන්නේ නෑ. අපේ ක්රීඩා කතෘ අහනවා මොකද මේක විසුරුවා හැරියේ කියලා. මං අහන්නේ පිස්සුද කියලා. ඇයි මේක මීට කලින් විසුරුවා හැරියේ නැත්තේ කියලා." යැයි ඔහු සඳහන් කළේය.