කරාතේ වෙනුවෙන් තව ෆෙඩරේෂණයක්
කරාතේ ක්‍රීඩාවෙන් ඉදිරියට යා හැක්කේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් ලෝකයේ දියුණු කරාතේ තාක්ෂණය හා සම්බන්ධ වීමෙන් බව ලෝක එක්සත් කරාතේ පාලක මණ්ඩලයේ ආසියානු කලාපයේ උපසභාපති හා ශ්‍රී ලංකා කරාතේ දෝ සංවිධානයේ නිර්මාතෘ රෝහණ විජේමාන්න මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ කරතේ ක්‍රීඩා ක්ෂේත්රයේ නියැළුණු දරු දැරියන්ගේ ඉදිරි අනාගත අභිවෘද්ධිය වඩාත් යහපත් කර ගැනීම උදෙසා ශ්‍රී ලංකා කරතේ දෝ සංවිධානය විසින් නව ෆෙඩරේෂණයක් නිර්මාණය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අතරතුරදී ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදු කළෙය.ශ්‍රී ලංකාවේ කරාතේ ක්‍රීඩාව ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරමින් ජාත්‍යන්තරය වෙත ගෙන යාම මෙම නව ෆෙඩරේෂණයේ එක් අරමුණක් වේ.
මෙම අවස්ථාවට (united world karate)සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සාමාජික සඳුනිල් එදිරිසිංහ හා යුරෝපා කරාතේ දෝ සංවිධානයේ උපසභාපති අසෝක රණසිංහ යන මහත්වරු සහභාගි වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

