සංචාරක ඉන්දිය කණ්ඩායම පරාජයට පත්කරමින් එජ්බැස්ටන්හි පැවැති එකම පන්දුවාර විස්සයි 20 තරගයෙන් ලකුණු තුනක තියුණු ජයක් හිමිකර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ක කණ්ඩායම ලකුණු 180ක් රැස් කළේය. ලකුණු 85කට කඩුලු 4ක් දැවී සිට එංගලන්ත කණ්ඩායම ලකුණු 180 ක් කරා රැගෙන යාමට ඉයින් මෝගන් සමත්වුයේ පන්දු 31 ක් ද ලකුණු 71ක් රැස් කරමිනි. එංගලන්ත පිතිකරුවෝ අවසන් පන්දුවාර 5 දී ලකුණු 81 ක් රැස් කරගැනීමට සමත්වූහ.
ලකුණු 181 ක ජයග්රාහි ඉලක්කයක් හඹාගිය ඉන්දිය කණ්ඩායමට කඩුලු 3 කට රැස්කල හැකිවූයේ ලකුණු 177 ක් පමණි.
ඉන්දිය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 17 ක් අවශ්‍ය තිබුණත් නායක මහේන්ද්‍රසිං දෝනිට එම පන්දුවාරයේදී රුස් කළ හැකි වුයේ ලකුණු 13ක් පමණි. තරගයේ වීරයා ලෙස ඉයන් මෝගන් සම්මාන ලැබීය.
එංගලන්තය 180/ 7 (පන්දු වාර 20)
ඉයන් මෝගන් 71 (පන්දු වාර31, 4x3,4x7)
අලෙක්ස් හේලස් 40 (පන්දුවාර 29, 4x3,6x3)
රවී බොපාරා 21 (පන්දු වාර 5, 4x3,6x1)
මොහොමඩ් සාම් 3/38 (පන්දු වාර 4)
කර්න් ශර්මා 1/35 (පන්දු වාර 4)
ඉන්දියාව 177/5 (පන්දුවාර 20)
විරාත් කෝලි 66 (පන්දු වාර 4), 4x9, 6x1)
ගිකර් දවාන් 33 (පන්දු 28, 4x2)
මහේන්ද්‍ර සිං දෝනි 27 (පන්දු වාර 18, 4x2, 6x1)
ස්වීවන් ෆින් 4/28 (පන්දුවාර 4)
හැරී ගර්නේ 1/29 (පන්දු වාර 4)