(UPDATE)
ක්‍රීඩාංගණයට නොනවත්වා ඇඳ හැලෙන වර්ෂාව හේතුවෙන් තරගය හෙට (11දා) දිනය දක්වා කල්දැමීමට තරග තීරකවරයා දැන් තීරණය කළේය. ඒ අනුව තරගය හෙට ප.ව. 2.30 පැවැත්වේ.
අද තරගයේ ප්‍රවේපත් හෙට දිනටද වලංගු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
වර්ෂාව අඩු නොවන ලකුණු
ක්‍රීඩාංගණයට ඇඳහැලෙමින් තිබූ වර්ෂාව තරමක් දුරට පාලනය වෙමින් තිබුණද, එම නිහැඩියාව මඟහරවමින් මේ වනවිට වර්ෂාව නැවතත් වැඩි වෙමින් තිබේ. ක්‍රීඩාංගණය වඩා එක්රැස්වී සිටි ක්‍රීඩා ලෝලීගෙන් අති බහුතරයක් මේ වනවිට පිටත්ව ගොස් ඇති අතර, ඇතැම් පිරිස් තරගය ආරම්භ වේවි යන බලාපොරොත්තුව මත ක්‍රීඩාංගණය තුල රැදී සිටියි.
තවදුරටත් වර්ෂාව ඇඳ හැලෙයි
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට තවදුරටත් වර්ෂාව ඇඳහැලෙමින් තිබේ. ඒ අනුව අද තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් හෙට ප.ව. 2.30 සිට එංගලන්ත කණ්ඩායම පන්දුවට පහර දෙනු ඇත.
පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49කදී සියල්ලන් දැවී ලකුණු 239ක් රැස්කිරීමට සමත්විය. මෙම තරගය ආරම්භයේ පටන් අදුරු ආලෝක තත්ත්වයක් පැවැති හෙයින් පන්දුවාර 16 පසු විදුලි ආලෝකය මධ්‍යයේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දුන්නේය. කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉනිම අවසන් වීමත් සමඟ වර්ෂාව ක්‍රීඩාංගණට වර්ෂාව ඇඳ හැලුණි.
ශ්‍රී ලංකාව 26-1
පන්දුවාර 05ක් අවසන් වනවිට පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 26ක් රැස්කරගෙන සිටියි. නැවත වරක් අසාර්ථක වූ කුසල් ජනිත් පළමු පන්දුවාරයේදීම පිටියෙන් ඉවත්ව ගියේය. ස්ටීවන් ෆින්ගේ පන්දුවක් හමුවේ ක්‍රිස් ජෝඩන් අතට උඩපන්දුවක් ලබාදී කුසල් දැවී යනවිට එකඳු ලකුණක් හෝ රැස්කරගෙන නොතිබිණ.
ක්‍රීඩංගණයට ඉහළ අහසින් තිබෙන අදුරු වළකුලු මේ වනවිට ඉවත් යමින් තිබේ.
පල්ලෙකැලේ අහස අදුරු වෙයි
පල්ලෙකැලේ ක්‍රීඩාංගණය ඉහළින් මේ වනවිට අදුරු වළාකුලු පියාසර කරමින් තිබේ. සේවකයෝ ලහි ලහියේ වැසි ආවරණ සූදානම් කරමින් සිටියි.
එංගලන්තය පන්දු යැවීම තෝරා ගනියි
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පල්ලෙකැලේහිදී අද (10දා) ආරම්භවූ පස්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ එංගලත්න නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම
තිලකරත්න ඩිල්ශාන්, කුසල් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, සචිත්ර සේනානායක, ධම්මික ප්‍රසාද්, අජන්ත මෙන්ඩිස්
එංගලන්ත කණ්ඩායම
ඇලෙස්ටෙයාර් කුක් (නායක), මොයින් අලි, ජෙම්ස් ටේලර්, ජෝ රූට්, රවී බොපාරා, ඉයන් මෝගන්, ජෝස් බට්ලර්, බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් ජෝඩන්, ජේම්ස් ට්‍රැඩ්වෙල්, ස්ටීවන් ෆින්