උතුරු හා නැගෙනහිර දෙපළාතේ ඉදිකළ ප්‍රථම තණතිලි විකට්ටුව (Turf Wicket) යාපනයේ ශාන්ත පැට්රික් විදුහලේදී ඊයේ (29දා) පෙරවරුවේදී විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගේ අදහසක් අනුව මෙම විකට්ටුව ඉදිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන තුනකට ආසන්න මුදලක් වැයකර තිබෙන අතර, එම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු සඳහාද එම ආයතනය රුපියල් මිලියන පහක් වැයකර ඇත. මේ සඳහා අවශ්‍ය ශ්‍රමය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ලබාදී තිබේ.
ඊයේ (29දා) දිනයේදී ප්‍රදර්ශන විස්සයි20 ක්‍රිකට් තරගයක් පැවැත්වූ අතර, සඳහා සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, උපුල් චන්දන,රවීන්ද්‍ර පුෂ්පකුමාර, නිරෝෂාන් බණ්ඩාරතිලක හා ලංකා සිල්වා යන අයගේ සහභාගීත්වයෙන් පැවැත්විණි
මේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාද සහභාගී විය.