ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ අද (13දා) ආරම්භවූ සිව්වැනි එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලි පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, ශමින්ද එරංග හා අජන්ත මෙන්ඩිස් කැඳවා ඇති අතර, ඒ වෙනුවට කුමාර් සංගක්කාර, අශාන් ප්‍රියන්ජන්, චතුරංග ද සිල්වා හා ළහිරු ගමගේ ශ්‍රී ලංකා කණ්ඩායෙමෙන් ඉවත්කර ඇත.
ඊට අමතරව ඉන්දීය කණ්ඩායමේද වෙනස්කම් කිහිපයක් සිදුව ඇත. පසුගිය තරගයට ක්‍රීඩාකළ ශිකර් දවාන්, රිද්හිනම් සහා, ඉශාන්ට් ශර්මා හා රවිචන්ද්‍රන් අශ්වින් වෙනුවට රෝහිත් ශර්මා, රොබින් උතප්පා, ස්ටුවට් බිනී හා කර්න් ශර්මා කැඳවා ඇත. ශර්මාගේ පළමු එක්දින ජාත්‍යන්තර තරගය මෙය වෙයි.
2014 වසර ඊඩ්නා ගාඩ්න් ක්‍රීඩාංගණයට වසර 150 සම්පුර්ණ වූ අතර එය සැමරීමද මෙම තරගයට පෙරාතුව සිදු කෙරෙණි.
ශ්‍රී ලංකා කණ්ඩායම
තිලකරත්න ඩිල්ශාන්, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල් (කඩුලු රකින්නා), මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, නුවන් කුලසේකර, ශමින්ද එරංග, අජන්ත මෙන්ඩිස්
ඉන්දීය කණ්ඩායම
අජින්ක්‍යා රහානේ, රොබින් උතප්පා (කඩුලු රකින්නා), රමිබති රයුදු, විරාට් කෝලි (නායක), රෝහිත් ශර්මා, සුරේෂ් රයිනා, ස්ටුවර්ට් බිනී, ආක්ෂාර් පටෙල්, කර්න් ශර්මා, උමේෂ් යාදව්, ධවාල් කුල්කානි