එක්දින තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම උගතයුතු දේවල් පවතින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.
අද ආරම්භවීමට නියමිත සිවුවැනි එක්දින තරගය පළිබඳව ඊයේ (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.
එසේම තරගාවලිය පිළබඳව විශ්ලේෂණය කළ වැරදුණ තැන් පිළිබඳව අවධානය යොමු කරන බවත් හෙතෙම සඳහන් කළේය.
"අපි විශ්ලේෂණය කරනවා, සොයා බලනවා කොහද වැරදුණේ කියලා. අංශ තුනෙන්ම අපේ දක්ෂතා උපරිමයට පැමිණියේ නෑ. අපේ උපායමාර්ග ගැන නැවතවරක් සිතන්න වෙනවා.
තිරිමාන්න හා චන්දිමාල් නැවතත් කණ්ඩායමට එක්වෙලා තියෙනවා. සංගා විවේක ගන්වා තිබෙනවා. ළහිරු ගමගේ මෙන්ම ධම්මික ප්‍රසාද් හොඳින් දක්ශතා දක්වනවා. සීක්කුගේ ප්‍රසන්න තුන්ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් ඉදිරියට එනවා. මේ ගැන අපි අවධානය යොමු කරන්න ඕන.
ඉන්දියාව හොඳින් ක්‍රීඩා කළා. අපිට ඉන්දියාවෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඔවුන්ඒ තත්ත්වයන් පාලනය කරපු ආකාරය මෙන්ම පවර් ප්ලේ අවස්ථාවේදී ක්‍රීඩා කරපු ආකාරය විශේෂයි."