ශිකර් දවාන් හා රෝහිත් ශර්මා ලබාදුන් සාර්ථක ආරම්භය හේතුවෙන් අයර්ලන්ත කණ්ඩායම පහසුවෙන් පරාජය කර නවසීලන්තයේ හැමිල්ටන්හි සෙඩන් පාර්ක් ක්‍රීඩාංගණයේදී අද (10දා) පැවැති තරගයෙන් කඩුලු අටක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.බී කොටසේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලියේ නොකවඩා ලැබූ පස්වැනි තරග ජය මෙය වෙයි.
අයර්ලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 260ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය පිතිකරුවෝ කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්විය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ ශිකර් දවාන් ලකුණු 100 ක් රැස්කළ අතර, ලකුණු 64 ක් රැස්කළ රෝහිත් ශර්මා සමගින් ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 174ක සාර්ථක ආරම්භයක් කණ්ඩායමට ලබා දුන්හ. ඒ අනුව ඔවුන් දෙදෙනා දැවීයාමෙන් පසු විරාට් කෝලි හා අජින්ක්‍යා රහානේ එක්ව කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
ඉන්දීය කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 49කදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 259 ක් පමණි. නීල් ඔබ්රයන් (75) හා විලියම් පොටර්ෆීල්ඩ් (67) අර්ධ ශතක රැස්කරමින් දක්ෂතා දැක්වූහ. තරගයේ වීරයා ලෙස ශිකර් දවාන් සම්මාන හිමිකරගත්තේය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව
අයර්ලන්තය පන්දුවට පහරදීම
ඉන්දියාව පන්දු යැවීම
ඉන්දියාව පන්දුවට පහරදීම
අයර්ලන්තය පන්දු යැවීම
මෙම තරගයේ විශේෂතා
1. දවාන් - රෝහිත් පළමු කඩුල්ලට ගොඩනැගූ ලකුණු 174 ක සබඳතාව ලෝක කුසලාන තරගයක ඉන්දීය පිතිකරු යුගලයක් වාර්තා කළ ඉහළම සබඳතාව විය. එමෙන්ම එය ලෝක කුසලාන තරගයක පළමු කඩුල්ලට වාර්තා වූ සියවැනි ලකුණු සියයට වැඩි සබඳතාව විය.
2. අයර්ලන්ත ඉනිම (259/10) ඉන්දීය කණ්ඩායමට එරෙහිව රැස්කළ ඉහළම ඉනිම විය. මීට පෙර ලකුණු 207/10 ඔවුන්ගේ ඉහළම ඉනිම විය.
3. දවාන් 2013 වසරේ සිට වාර්තා කළ 8 වැනි ශතකය මෙය වන අතර, එම කාලසීමා තුළ වැඩිම ශතක රැස්කර ඇති සිවුවැනි පිතිකරුවා ඔහු වෙයි. කුමාර් සංගක්කාර හා හෂිම් අම්ලා ශතක 10 බැගින් රැස්කර මෙහි ඉදිරියෙන් සිටින අතර, තෙවැනි ස්ථානයේ විරාට් කෝලි (09) පසුවෙයි.
4. නීල් ඔබ්රයන්ගේ ඉනිම (75) ඉන්දීය කණ්ඩායමට එරෙහිව අයර්ලන්ත පිතිකරුවෙකු රැස්කළ ඉහළම ඉනිම සමකිරීමක් විය. මීට පෙර විලියම් පොටර්ෆීල්ඩ් 2011 වසරේදී ලකුණු 75 රැස්කර තිබුණි.
5. පොටර්ෆීල්ඩ් - ස්ටර්ලිං පළමු කඩුල්ලට ලකුණු 89 ක සබඳතාවක් ගොඩනැගූ අතර, එය ලෝක කුසලාන තරගාවලියකදී පළමු අට දෙනා අතර සිටින කණ්ඩායමකට එරෙහිව ගොඩනැගූ ඉහළම සබඳතාව විය.
6. මොහොමඩ් ශාමි මෙම තරගයේ දවාගත් කඩුලු තුනත් සමගින් 2013 වසරේ සිට තරග 15කදී කඩුලු තුනට වැඩියෙන් බිඳහෙළා ඇති අතර, එය එම කාල වකවානුව තුළ පන්දු යවන්නෙකු දක්වා ඇති හොඳම පන්දු යැවීම වෙයි. රයන් මැක්ලරන් (13) මෙහි දෙවැනි ස්ථානයේ පසුවන අතර, ලසිත් මාලිංග (12) තෙවැනි ස්ථානයේ පසුවෙයි.
7. රෝහිත් ශර්මා ලකුණු 4000 (4033) සීමාව පසුකිරීමට මෙම තරගයේදී සමත් වූ අතර, එම කඩඉම පසුකළ 14 වැනි ඉන්දීය පිතිකරුවා ඔහු වෙයි.
8. දෝනි ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබාදී ලැබූ 12 වැනි ලෝක කුසලාන තරග ජය මෙය වන අතර, ඉන්දීය නායකයෙකු දක්වා ඇති ඉහළම ජයග්‍රහණ සංඛ්‍යාවද මෙය වෙයි. කපිල් දේව් (11) මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීය.
9. ඉන්දීය කණ්ඩායම නොකඩවා ලැබූ 9 වැනි ලෝක කුසලාන තරග ජය මෙය වන අතර, එය ඔවුන් දක්වා ඇති ඉහළම දක්ෂතාව වෙයි. කෙසේ නමුත් මෙහි ලෝක වාර්තාවට හිමිකම් කියන ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග 25 ක් නොකඩවා ජයගෙන ඇත.