බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර අද (06දා) පැවැති තරගයෙන් කඩුලු 04 ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ලෝක කුසාලන තරගාවලියේ 28 වැනි තරගය ලෙසින් මෙම තරගය බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවැත්විණි.
තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් තරග කරන ඉන්දීය කණ්ඩායමට මෙම ජයග්‍රහණයත් සමග තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට හැකිවූ අතර, කොදෙව් කණ්ඩායමට තෙවැනි ස්ථානයේ සිට සිව්වැනි වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 183ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩකළ ඉන්දීය පිතිකරුවෝ තරගයේ 39.1 වැනි පන්දුවාරයේදී ලකුණු 185/6 ක් රැස්කරමින් එම ඉලක්කය පසුකර යාමට සමත්වූහ. විරාට් කෝලි ලකුණු 33 ක් රැස්කළ අතර, කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය නායක මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 45 ක් රැස්කළේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 44.2 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 182 ක් පමණි. ජේසන් හෝල්ඩර් ලකුණු 57 ක් රැස්කළ අතර, එය ඉනිමේ පිතිකරුවෙකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව විය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් මොහොමඩ් සාමි ලකුණු 35කට කඩුලු 03 ක් දවාළූ අතර, උමේෂ් යාදව් හා රවින්ද්‍ර ජඩේජා කඩුලු දෙක බැගින් දවාළමින් දක්ෂතා දැක්වූහ.
තරගයේ වීරයා ලෙස පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූ ඉන්දීය කණ්ඩායමේ මොහොමඩ් ශාමි සම්මාන හිමිකරගත්තේය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව