දකුණු කොරියාවේ ඉංචියෝන්හීදී පැවැත්වෙන 17 වන ආසියානු ක්රීඩා උලෙළේ සත් සාමාජික රග්බි තරග සඳහා සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායම අද (25දා) නම් කරනු ලැබිණි. මෙම සංචිතයට ක්රීඩකයන් 12 දෙනෙකු ඇතුළත්වී ඇති අතර එහි නායකත්වය ෆාසිල් මරීජාට හිමිව ඇත. අසංග සෙනෙවිරත්න මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර හෙට(26)උදෑසන මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත්ව යෑමට නියමිතව ඇත.
මෙහි කාන්තා ඉසව්වට කණ්ඩායමක් සුදුසුකම් නොලැබීම හේතුවෙන් ශ්රී ලංකාවෙන් කාන්තා කණ්ඩායමක් මේ සඳහා සහභාගී නොවේ.
ශ්රී ලංකා කණ්ඩායම මෙහි %සී^ කාණ්ඩයෙන් තරග වදින අතර දකුණු කොරියාව, ඉන්දියාව, චීන තායිපේ එම කාණ්ඩයට අයත් සෙසු රටවල් වෙයි.
මෙම තරග මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ අවසන් තරග ඔක්තෝබර් 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකා කණ්ඩායම
ෆාසිල් මරීජා (නායක), අනුරුද්ධ විල්වර, නයිජල් රත්වත්ත ගයාන් වීරරත්න,ෂෙහාන් පතිරණ,නයිජල් රත්වත්ත,සුදර්ශන මුතුතන්ත්රී, දිනූෂ චතුරංග, දනුෂ්ක රංජන් , අනුරුද්ධ විල්වර, යෝෂිත රාජපක්ෂ, ලවන්ග පෙරේරා,මිතුන් හපුගොඩ,අසංග සෙනෙවිරත්න(පුහුණුකරු),රොහාන් චින්තක(කළමනාකරු),අමිත් ජයසේකර(භෞත චිකිත්සක)