ආසියානු සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් වටයේ තරග හෙට (20දා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. රටවල් හයක කණ්ඩායම් සහභාගීත්වයෙන් කාණ්ඩ දෙකක් යටතේ මෙම තරගාවලිය පැවැත්වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගුවන් හමුදා කණ්ඩායම එයට එක්වන අතර, ඔවුහු 'ඒ' කාණ්ඩයෙන් තරග වදිති.
ඔවුන්ට අමතරව එම කාණ්ඩයට ටර්ක්මිනිස්තානයේ හුටු පාපන්දු කණ්ඩායම හා නේපාලයේ මනන්ග් මර්ෂ්යාන්ග්දි යන කණ්ඩායම් ක්‍රීඩාකරයි. මෙහි 'බී' කාණ්ඩයෙන් බංග්ලාදේශයේ ශෙයික් රසල්ක්රාරා චාක්රා, උතුරු කොරියාවේ රිමයොන්ග්සු ක්ලබ් හා මොන්ගෝලියාව නියෝජනය කරමින් අර්චිම්ක්රීඩා සමාජ ක්‍රීඩා කරයි. කාණ්ඩ දෙකෙහි පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
මේ වසරේ මැයි මස කොළඹදී පැවැති කාණ්ඩ වටයේ තරග ජයග්‍රහණය කරමින් ගුවන් හමුදා කණ්ඩායම සුදුසුකම් ලබාගත් අතර, එය 75 වසරක ජාතික පාපන්දු ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ආසියානු සම්මේලන සභාපති කුසලාන තරගාවලියක අත්කරගත් ඉහළම ජයග්‍රහණය විය.
තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමක් අද (19දා) පාපන්දු නිවහනේදී පැවැති අතර, එම අවස්ථාව සඳහා තරගාවලියට සහභාගී වන සියලුළුම පාපන්දු කණ්ඩායම්වල පුහුණුකරුවන් හා නායකයෝ සහභාගී වූහ. තරගාවලිය ලබන 26 වැනිදා දක්වා පැවැත්විමට නියමිතය.
ඡායාරූප - ඉසුරු පෙරේරා