ආර්ජන්ටිනාව අපරාජිතව 16 දෙනා අතරට
ආර්ජන්ටිනාව 3 – 2 නයිජීරියාව
පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ ඊයේ (25දා)පෝර්ටෝ ඇල්ග්රේහි බෙයිරා රියෝ ක්රීඩාංගණයේ පැවැති 'එෆ්' කාණ්ඩයේ තරගයකින් නයිජීරියානු කණ්ඩායම ගෝල 3-2 කින් පරාජය කර අපරාජිතව 16 දෙනාගේ වටයට පිවිසීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත් විය.
ආජන්ටිනාව වෙනුවෙන් ඔවුන්ගේ සුපිරි තරුව වන ලයනල් මෙසී ගෝල දෙකක් වාර්තා කළ අතර, අනෙක් ගෝලය මාකොස් රෝජෝ විසින් වාර්තා කළේය. නයිජීරියාව වෙනුවෙන් අහමඩ් මුසා ගෝල දෙකක් වාර්තා කළේය.
බොස්නියාව 3 – 1 ඉරානය
මේ අතර එම කාණ්ඩයේම ඊයේ (25දා) සැල්වදෝර්හි ෆොන්ටේ නෝවා ක්රීඩාංගණයේ පැවැති තරගයෙන් ඉරානය පරාජය කර ගෝල 3-1 ක පහසු ජයක් ලැබීමට බොස්නියා හර්සගොවිනා කණ්ඩායම සමත්විය. ජයග්රාහී බොස්නියා කණ්ඩායම වෙනුවෙන් අව්ඩිජා ව්ර්සජෙවික්, මිරලෙම් ජැන්ක්, එඩින් ඩිසෙකෝ ගෝල වාර්තා කළ අතර, ඉරානය වෙනුවෙන් රිසා වොචානෙජහාඩ් එකම ගෝලය වාර්තා කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

