ADA
www.ada.lk
2025 ජුනි මස 21 වන සෙනසුරාදා
කොළඹ මහානාම විදුහල් කණ්ඩායම ලකුණු 17-14 ක් ලෙස පරාජය කරමින් මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගවලියේ අගමැති කුසලානයක් පළමු වරට තමන් සතුකර ගැනීමට ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල් කණ්ඩායම සමත් විය.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණ පිටියේදී අද (13) පැවති මෙම තරගයේ පළමු අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වූ මහානාම විදුහල් කණ්ඩායම එම අර්ධය අවසන් වනවිට ගෝල දිනුම් දෙකක් මගින් ලකුණු 14 ක් රැස්කළේ ලලිත් ඇතුලත්මුදලි කණ්ඩායම ලකුණු 03 කට (දඬුවම් පහරකට) පමණක් සීමාකරමිනි.
දෙවැනි අර්ධයේදී තරගයේ ලකුණු පුවරුව කණපිට හැරවූ ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩකයෝ, ගෝල දිනුම් දෙකක් මගින් තවත් ලකුණු 14 ක් සිය ලකුණු පුවරුවට එක්කර ගැනීමට සමත් වූයේ මහානාම විදුහල් කණ්ඩායමට කිසිදු ලකුණක් ලබාගැනීමට ඉඩ ලබානොදෙමිනි.
ලලිත් ඇතුලත්මුදලි විදුහල අගමැති කුසලානයක අවසන් මහා තරගයකට පිවිසි පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.
මෙවර අගමැති කුසලාන තරග අදියරේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය හිමි කර ගැනීමට ලලිත් ඇතුලත්මුදලි විදුහලේ එච්.ඒ.එස්. මධුෂංක සමත් විය.
මේ අතර තරගාවලියේ සභාපති කුසලානය සඳහා පැවති අවසන් මහා තරගයද අද පැවති අතර, එහිදී බොරැල්ල කේරි විදුහල ලකුණු 07-00 ක් ලෙස පරාජයට පත්කරමින් එම කුසලානය හිමිකර ගැනීමට මාතලේ ශාන්ත තෝමස් විදුහල සමත් විය.
තරගයේ පළමු අර්ධයේ කණ්ඩායම් දෙකටම ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් නොලැබුණු අතර, දෙවැනි අර්ධයේ‘දී ලබාගත් එකම උත්සාහක දිනුම වාර්තා කරමින් එහි ප්‍රවර්තනයද සාර්ථක කර ගැනීමට ශාන්ත තෝමස් විදුහලේ ආර්.එම් බණ්ඩාර සමත් විය. එම විදුහලේ අයි.ඩී. හේරත් එම අදියරේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය හිමිකර ගත්තේය.
නෙස්ලේ ලංකා සමාගමේ පූර්ණ අනුග්‍රහය සහිතව ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය මගින් මෙම තරගාවලිය සංවිධානය කළ අතර, ජයග්‍රාහකයන් සදහා ත්‍යාග ප්රදානය ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර, එහි ලේකම් සුසන්ත මෙන්ඩිස් හා නෙස්ලේ ලංකා සමාගමේ සාමූහික කටයුතු පිළිබඳ උපසභාපති බන්දුල එගොඩගේ යන මහත්වරුන්ගේ අතින් සිදුවිය.
popular news
දකුණෙන් ඇවිත් මහනුවර දිනූ ප්‍රකට ව්‍යාපාරිකයෙක් සමුගනියි
ලන්ඩනයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් වැඩ අරඹයි
මාලිමාව ජයග්‍රහණය කළ නෙළුව ප්රාසභවේ බලය සජබ පිහිටුවයි
කල්පිටියේ පොහොට්ටු මන්ත්‍රී පරණ පුරුදු වැඩ කරන්න ගිහින් පොලිස් කූඩුවේ
පොල් මිල පහළට
රත්මලාන හා යාපනය ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ඩේවිඩ් පීරිස් සමාගමට අවසර
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd