ආසියානු වාර්තාව අලුත් කිරීමට වැස්ස හරස් වුණා
හෙල්ල විසි කිරීමේ ලෝක ශූර රුමේෂ් තරංග , ජපානයේ නගෝයා නුවර පැවති ආසියානූ ක්‍රීඩා තරගාවලියට සහභාගී වී , එම ඉසව්වේ රන් පදක්කම දිනා ගෙන 09/30 දින මධ්‍යම රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
එහිදී ගුවන් තොටුපොළෙහි රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇමතූ රුමේෂ් තරංග , තමන් ජපානයේ ආසියානූ ක්‍රීඩා තරගාවලිය සදහා පිටත්ව ගියේ හෙල්ල විසි කිරීමේ පැවති ආසියානූ වාර්තාව අලුත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට බවත් , එහෙත් එහි පැවති වැසි සහිත කාළගුණික තත්වය ඊට හරස් වූ බවත් , තම ක්‍රීඩා දිවියේ පළමු වරට මේ ආකාරයේ වැසි තත්වයක් හමුවේ ක්‍රීඩා කළ බවත් පැවසීය.
ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිලෝ මීටර් හය හත්සිය දුර ගෙවා ගෙන තමන් දිරිමත් කිරීම සදහා නගෝයා ක්‍රීඩාංගනයට පැමිණ සිටි බවත් , ඔවුන්ට තම ස්තුතිය පිරිනමන බවත් පැවසීය.
ඔහු 09/30 දින රාත්‍රී 11.30 ට හොංකොං නුවර සිට කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යංශයේ , ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා සංගමයේ , ජාතික ඔලිම්පික් කමිටුවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් සහ රුමේෂ් තරංගගේ පවුලේ සමීපතම ඥාතීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
