ඥානසාර හිමියන්ට පනවා ඇති සිරදඬුවම ගැන ජනපති සමග සාකච්ඡා කරනවා
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති සිරදඬුවම් සම්බන්ධව තමන් ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කරන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයන් පිරිසක් බුද්ධශාසන අමාත්‍යාංශයට පැමිණ ඥානසාර හිමියන් සම්බන්ධව සාකච්ඡා කළ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
ඥානසාර හිමියන්ට නිදහස ලබාගැනීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශයට කළ හැකි සියලු මැදිහත්වීම් සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය.
තමන් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පෙනී සිටින බවත්,හැකි සෑම විටම උන්වහන්සේලාගේ ජාතික හා ශාසනික කටයුතු සඳහා සහාය ලබාදෙන බවත් හෙතෙමපවසා සිටියේය.

popular news
-
Champa Thursday, 23 August 2018 05:08 PM
මට මේකට කලින් ලියන්න බැරිවුනා. ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව දිය යුතුයි. හැබැයි ලැජ්ජයි මෙහෙමෙ ඉල්ලන්න වුනාට. ඥානසාර හාමදුරුවෝ කෑගැහ්ව්ව නම් කෑගහව්වේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන්. අපේ ඉස්සර මුතුන් මිත්තෝ සුද්දගේ නීති ගණන් ගත්තේ නැහැ රට වෙනුවෙන් සටන් කරන කොට. ලංකාව බේරා ගත්තේ අසාධාරණයට එරෙහිව සටන් කරන්න තිබ්බ හයිය නිසා. නැත්නම් හිරු නොබසින අධිරාජ්‍යය කියපු ඉංග්රීසින්ගේ ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහන්න තරම් ඔවුන්ගේ විරෝධය ශක්තිමත් වෙන්නේ නැහැ. සටන්කාමිකම අපේ ලේවල තියෙන දෙයක්. ලේ කකියන කොට නිකම්ම කෑගහනෙව. කෝට්ටේ සංඝ සභාවත් සභාවත් කියලා තිබුන ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව දෙන්න කියලා. ලංකාවේ ඊළඟ ජනාධිපති වෙන්න ඕනේ නියම සිංහල බෞද්ධයෙක්. නමට මිනිහෙක් නෙමෙයි.
Reply : 0 100
ravi Friday, 24 August 2018 11:17 AM
ජනාදිපතිලට ඕන..ඕන විදිහට " වැරදිකරුවන් නිවාරිදිකරුවන් " බවට පත්කරන්න පුලුවන්නම් ... අදිකරණයක් අවශ්‍ය නැහැ නේද .. ???
Reply : 128 1
janaka paranamana Wednesday, 05 September 2018 03:27 PM
මෙි බුද්ධාගම විනාස කරන එක ප්‍රබල තැනැත්තෙක් මොහුගේ අනීතික ක්‍රියාවට ශ්‍රේෂ්ඨ අවිහිංසාවාදී ධර්මය ගාවන්න එපා මෙය අාගමට දීපු දඩුමක් නොවෙි තවත් විවිධ අන්දමෙි වැරදි කරපු බොහෝ දෙනෙක්ද සිටිනවා ඔවුන් නිදැල්ලේ සිටින එක මොවුන් වාසියට අරගෙන එය සමස්ත ජනතාව වෙනුවෙන් නිවැරදිව කරන්න ජනතාව ඉන්නේ එතැන ජනවාරි 5 කියුවෙි එයයි
Reply : 52 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

