වඩිනාගලට අන්‍යාගමික ආක්‍රමණයක්?
වවුනියාව නෙඩුන්කේණී ඕලුමඩුව පළාතේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානය ආක්‍රමණය කර ඇති අන්‍ය ආගමිකයන් පිරිසක් එහි ඔවුන්ගේ කෝවිලක් ඉදි කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වේ.
මීට දින දහයකට පමණ ඉහතදී මේ ස්ථානයේ නිධන් හෑරීමට දකුණේ සිට පැමිණි හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඉන් පසුව එම ස්ථානයේ කිසියම් පිරිසක් විසින් වැඳුම් පිදුම් කිරීමට පියවර ගෙන ඇත.
එහිදී කෝවිල ඉදිකිරීමට පටන් ගෙන ඇති පිරිස කියා සිටින්නේ එම ස්ථානය තමන්ගේ ආගමට අයත් නිසා නිධානය බේරා ගැනීමට කෝවිලක අවශ්‍යතාව මතුව තිබෙන බවයි.
නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මීට වසර ගණනාවකට පෙර මේ ස්ථානය බෞද්ධ නටබුන් සහිත පුරාවිද්‍යා ස්ථානයක් බවට හඳුනාගෙන ඇති අතර එය තවුරු කිරීමක්ද සිදු කොට ඇති බවට තොරතුරු ලැබී තිබේ.


popular news
-
ravi Tuesday, 21 August 2018 12:07 PM
දෙය්යෝ විතරක් නොවෙයි .. සක්කරයාගේ පුතා වෛම ... ආවත් "" නිදන් කැනීම තහනම් ""
Reply : 0 0
raawana Tuesday, 21 August 2018 02:46 PM
පුරා විද්‍යාව කරන්නේ තැන හඳුනා ගන්න එක විතරනේ.ඒවා විනාශ කරන්න වෙන කට්ටියක් ඉන්නවනේ.ලැබෙන මුදල් ටික කාබාසිනිය කරනවා මිසක් මොන කෙන් ගෙඩියද පුරා විද්‍යාව කරන්නේ...?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

