SAITM ට එරෙහිව උද්ඝෝෂණ
වත්මන් රජය හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එක්ව කුමන්ත්රණකාරී ලෙස SAITM ආයතනයට අනුමැතිය ලබාදීම සඳහා ක්‍රියාකරන බවත්, ඔවුන් එම ආයතනය මෙරට තුළ ස්ථාපිත කිරීමට මූලික අඩිතාලම දැමිය හැකි ආකාරයේ වර්තාවක් ඉදිරිපත් කර ඇති බවත්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි.
ප්‍රමිතියකින් තොර මාලඹේ SAITM ආයතනයෙන් පිටවන සිසුන්ට මෙරට තුළ වෛද්‍ය පුහුණුව සිදුකිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදෙන බවත් එයට විරෝධය පළ කරමින් අද (05දා) වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විරෝධතාවක නියැලිණි.
කොළඹ වෛද්‍ය පීඨය ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතා පාගමන මරදාන කොළඹ කොටුව ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගමන් කිරීමට උත්සාහ කළද පොලීසිය මාර්ග බාධක යොදා එය වැළැක්වීමට ක්‍රියා කළේය.
එහිදී විරෝධතාකරුවන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය හරහා නැවතත් ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට උත්සාහ කළ අතර, එහිදී සිසුන් සහ පොලීසිය අතර, උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.
එහිදී පොලීසිය මැදිහත්වී සිසුන් දහදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමුවට ගෙනයාමට එකඟවිය.
ඉතිරි සිසුහු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට මාර්ගයේ වාඩිවී සිය විරෝධතාව දිගින් දිගටම සිදු කළහ.














.jpg)




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

