ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් තමා ඇතුළු කැබිනට් මණ්ඩලය වගඋත්තරකරුවන් කර එයට පිළිතුරු ලබාදීමට ඔක්තෝබර් මාසය දක්වා කාලයක් ගතවන බව දන්වා තිබීම නිසා තමා අනාථ වී ඇතැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14දා) පැවසීය.
මේ තත්ත්වය තුළ පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කාර්යාලයේ නීති අංශයේ අදහස විමසීමට බලාපොරොත්තු වන බව අගමැතිවරයා පවසා සිටියේය.
වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ, කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය ප්‍රතිව්‍යුගතකරණය පිළිබඳ ජාතික සමුළුවෙ අවසාන දිනයට සම්බන්ධවෙමිනි.
"අද උදේ මුද්‍රිත මාධ්‍ය කියෙව්වාම තමයි දැනගත්තේ මටත්, කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාටමත් විරුද්ධ තහනම් නියෝගයක් දාලා කියලා. ඒ පෙත්සම මම මාධ්‍යයෙන් විතරයි කියෙව්වේ. නමුත් උසාවියට එන්න කියලා මට දැනුම්දීමත් කරලා නැහැ. කැබිනට් ඇමතිවරුන්ටත් නැහැ. නීතිපතිතුමාගෙන් මේ ගැන ඇහුවාම කිවුවේ එතුමන් හරියට මේ ගැන දන්නෑ කියලා.
මගේ ඇඟ බැඳලා තියෙනවද, මගේ ඔලුව බැඳලා තියෙනවාද, නිදහසේ යන්න පුළුවන්ද කියලා දැනගන්න වෙන්නේ ඒක හරියට කියෙව්වාම තමයි.
හිටපු නායකවරු වගේම මමත් දැන් අනාථ වෙලා තියෙනවා. කොහාටද මම යන්නේ. මම මාස ගණනාවක් ඉන්න සිදුවෙලා. එක එක අය ඇවිත් අද උදේ වෙද්දි හුඟක් උපදෙස් දුන්නා. සමහරු කිව්වා උසාවි ගිහින් විනිශ්චයකරුවන් 5 -7 ක් තියෙන කණ්ඩායමකින් අහන්න කියලා. සමහරු කිව්වා නීති ගේන්න කියලා." යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
popular news
නොරොච්චෝලේ අළු වලින් හැදූ පුත්තම අධිකරණය
ගෘහස්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු පර්ත් පුහුණුකරු ධුරයකට යයි
ඉෂාරා දේවින්දි රිය අනතුරකින් මරුට
ජයනන්ද වර්ණවීර මහතාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
වර්ණවීර ජීවන පිටියෙන් සමුගනියි
රු. කෝටි 5ක් වටිනා නිවස සහිත ඉඩම වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළ දානපතියා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd