හසලක ගාමිණී 26 වැනි ගුණානුස්මරණය අලිමංකඩදී
වීරෝධාර අභීත රණවිරුවෙකු වූ කෝප්රල් ගාමිණී කුලරත්න නොහොත් හසලක ගාමිණී රණවිරුවාගේ 26 වැනි ගුණානුස්මරණය උත්සවාකාරයෙන් අලිමංකඩ පිහිටි හසලක ගාමිණී පිළිරුව අසලදී සමරනු ලැබීය.
කිළිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් අජිත් කාරියකරවන මහතාගේ මගපෙන්වීම යටතේ 66 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරල් දුමින්ද කැප්පටිවලාන මහතාගේ අධීක්ෂණයෙන් 662 බලසේනාධිපති කර්නල් රොහාන් පොන්නම් පෙරුම මහතා ඇතුළු කාර්යමණ්ඩලය මෙම සැමරුම සංවිධානය කර තිබිණි.
හසලක ගාමිණී පිළිරුව අබියස සර්ව රාත්රික පිරිත් සජ්ඣායනාවක්ද පවත්වා පසුදා උදෑසන හීල් දානය සහ පිරිකර පූජා කිරීම සිදුකෙරිණි.
මෙම අවස්ථාවට හසලක ගාමිණි අභීත රණවිරුවාගේ මව වූ එස්.ජී. ජුලියට් මාතාව ඇතුළු සහොදර සහෝදරියන් හා ඥාතීන්ද එක්ව සිටියහ.
1991 ජූලි 13 වැනිදා අලිමංකඩ ඉදිරි ආරක්ෂක වලල්ල කඩා යුද හමුදා කඳවුර දෙසට පැමිණි ත්රස්තවාදීන්ගේ බුල්ඩෝසරයට හසලක ගාමිණී රණවිරුවා විසින් බෝම්බ සහතිව පැනීමෙන් බුල් ඩෝසරය විනාශ වූ අතර, ඉන් අලිමංකඩ කඳවුරේ සිටි සෙබළුන් 1500ක පමණ දෙනාගේ ජීවිත බේරා ගැනීමට හැකිවිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

