සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මධ්‍යම පළාත් සභාවේද පරාජයට පත්විය. පනතට විපක්ෂව ඡන්ද 32ක් ලැබුණ අතර මන්ත්‍රීවරු 4 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. ඡන්දය පවත්වන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සභාවෙන් පිටව ගියේය.
පනත අද (28දා) සාකච්ඡාවට ගත් අවස්ථාවේදී සභාව තුළ කලබලකාරී තත්ත්වයක්ද ඇතිවිය. පසුව විනාඩි 15කට සභාව කල්තැබීමටත් සභාපතිවරයා තීරණය කළේය. ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා කීවේ ප්‍රතිපත්තියක් ලෙස පනතට විරුද්ධ බවයි.