ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරිමට දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබේ. පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාෂ් ෂෙරීෆ් මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති හමුවකදි මේ පිළිබඳව අදහස් හුවමාරු වී තිබේ.
එසේම පාකිස්තානයේ සංචාරයකට එක්වෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ආරාධනා කළ බවද අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවිය. සාර්ක් සමුළුවේ අනාගතය හා කලාපිය ගැටලු සාමකාමීව සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් විසඳා ගැනිම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු වි තිබේ.
ඡායාරූප ප්‍රදීප් පතිරණ