ශ්‍රී ලංකාව හා ඉන්දියාව අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට පෙනෙන ආකාරය පිළිබඳව වන ඡායාරූපයක් නාසා ආයතනයේ අභ්‍යාවකාශගාමියෙකු වන ස්කොට් කෙලී සිය ට්විටර් ගිණුමෙන් ප්‍රසිද්ධ කර තිබුණා.
ඒ හා සමගාමීව ලෝකයේ නගර රාත්‍රීයට අභ්‍යාවකාශයට පෙනෙන අයුරුත්, පෘතුවියට හිරු නැගෙන අයුරුත් ඔහු ඡායාරූප ගත කර තිබුණා.
ස්කොට් කෙලී ඇමෙරිකානු ජාතිකයෙකු වන අතර ඔහු ඇමෙරිකානු නාවික හමුදාවේ කපිතාන් නිලයක්ද හොබවා තිබෙනවා
ඔහු 1996 වසරේ පටන් නාසා ආයතනයේ අභ්‍යාවාකාශ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනවා.1964 වසරේදී ඇමෙරිකාවේ උපත ලද ස්කොට් අභ්‍යාවකාශ මෙහෙයුම් ගණනාවකට සිය දායකත්වය ලබාදී තිබෙනවා.
නිව්යෝක් විශ්ව විද්‍යාලයේ ගෞරව ආචාර්ය උපාධියක්, නාසා ආයතනයේ ගෞරව සම්මාන හිමිකරගෙන ඇති ස්කොට් සිය ප්‍රථම උපාධිය ලෙස විදුලි ඉංජිනේරුකරණය හදාරා තිබෙන අතර පශ්චාද් උපාධිය අාකාශතරණයෙන් ලබාගෙන තිබෙනවා.
ටයිම් සඟරාව ලෝකයේ බලපෑම් කළ හැකි පුද්ගලයින් 100 දෙනා අතරටවත් ස්කොට් නම් කර තිබෙනවා.
ඡායාරූප උපුටා ගැනීම - ස්කොට් කෙලී ට්විටර් ගිණුම
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට
හිරු නැගෙන අවස්ථාවක්
බැග්ඩෑග් - ඉරාකය
බීජින් - චීනය
කැලිෆෝනියා - අමෙරිකාව
ඩුබායි
ඩර්බන් - දකුණු අප්‍රිකාව
ගිණිකොන දිග ආසියාව
හිමාල කඳුවැටිය
ලාස් වේගාස් - ඇමෙරිකාව
මෙසඩෝනියාව
නිව්යෝක් - ඇමෙරිකාව
පෘතුගාලය
ටෙක්සාස් - ඇමෙරිකාව
තෝකියෝ - ජපානය