පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මීර්පූර් පිටියේ පැවැති පළමු අවසන් පූර්ව තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 27කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය. තරගයේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන ලැබීය.
තරගය මීර්පූර් පිටියේ පැවැති අතර, අයිස් වැස්සකින් එයට බාධා එල්ලවිණි. හෙට (04දා) ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරගය ජයගන්නා කණ්ඩායම සමග ශ්‍රී ලංකා කණ්ඩායම ඉරිදා දිනයේදී අවසන් තරගයට ක්‍රීඩා කරනු ඇත. එම තරගයද මීර්පූර් පිටියේදී පැවැත්වීමට නියමිතය.