බංග්ලාදේශයේ තෙදින රාජ්ය සංචාරයක නිරත ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව අද (14දා) පෙරවරුවේ සිදු විය.
බංග්ලාදේශ අග්රාමාත්ය කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබුවාය.
රාජ්ය නායක දෙපළ අතර සුහද හමුවකින් අනතුරුව දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
බංග්ලාදේශය සහ ශ්රී ලංකාව අතර වෙළෙද ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබදව සහ විශේෂ ආර්ථික කලාපයක් ඇති කර ගැනීම පිළිබදව මෙහිදී නායක දෙපළගේ විශේෂ අවධානය යොමු විය.