ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා අතර නිල හමුව අද (13දා) සිදුවිය.
ටෙහෙරාන් නුවර පිහිටි ජනාධිපති මන්දිරය වන Sadabaad Palace වෙත ගිය ජනාධිපතිවරයා ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා විසින් ඉතා උණුසුම් අන්දමින් පිළිගත් බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
නායකයින් දෙදෙනා අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වී තිබේ.