විමල් විරවංශ රිමාන්ඩ්
(UPDATE) 16.00 PM
පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා එළැඹෙන 24 දා තෙක් සති දෙකක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. රජයේ මුදල් සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම, වංචා කිරිම හා ආධාර අනුබල දීම ඔහුට එල්ල වී ඇති චෝදනා වෙයි.
ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවූ හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රකාශයක් ලබාදිම සඳහා හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා අද (10දා) පොලිස් මූල්‍ය අපරාධ ඒකකය කැඳවා තිබේ. හිටපු ජනපති මහිනද රාජපක්ෂ මහතා පසුගියදා පැවැති ජන හමුවකදී සඳහන් කළෙ විමල් විරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ඇත බවයි. රජයේ වාහනයක් අවභාවිත කිරිමේ සිදුවීමකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා හිටපු අමාත්‍යවරයා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවා ඇතැයි වාර්තා වෙයි.
ඡායාරූප කුෂාන් පතිරාජ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.






