ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා
"ඔබ සියලු දෙනාගේ ඉල්ලීම මට බවත දමන්න බෑ. සියලු දේශප්‍රේමීන්ට මා ආරාධනා කරනවා අප සමඟ අත්වැල් බැඳගන්නා ලෙස. පක්ෂය බාර දීලා හිස් අතින් ගමට ආපු මට මොන චෝදනා නැගුවත් මේ රටට මා ආදරෙයි. මම රටේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ කරන ඉල්ලීම මා ප්‍රතික්ෂේප කරන්න සූදානම් නෑ.
ඒ නිසා රට වෙනුවෙන් මේ මාතෘභූමිය වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයට අපි තරග කරන්න ඕනෑ කියා ඕනෑකමින් කියනවා. ඔබ කරන ඉල්ලීම මා ඉත සිතින් පිළිගන්නවා. ඒ නිසා මේ පැවැත්වෙන මහ මැතිවරණයට මේ ජන පවුරත් එක්ක අපි ඉදිරියට යනවා. ඒ නතර වුණු සංවර්ධනය, ආර්ථිකය ගොඩගැනීම, අධිකරණයේ ස්වාධීනත්වය අපි නැවත ගොඩ නගනවා. ඉදිරියේ ආණ්ඩුවක් පිහිටුවන්න අපි සූදානම්.
එදා අඩකුඹු වුණු ජාතික ධජය අපි ඔසවන්න එදිරියට එනවා. මේ වෙහෙසකර ගමනෙදි මා හැර නොගොස් මා වෙත ආශිර්වාද කළ ඈත එපිට පිටිසර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සිට දියවන්නාව දක්වා පිරිසට මා හිස නමා මගේ ප්‍රණාමය පුද කරනවා. අපි අතින් සිදුවූ වැරදි නැවරදි කරගෙන ඉදිරියට යනවා" යැයි තංගල්ලේ කාල්ටන් නිවසට එක්ව සිටි ජනතාව අමතමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේය.
හිටපු කතානායක චමල් රාජපක්ෂ, හිටපු මන්ත්‍රීවරුන්වන බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රාවන්නි අාරච්චි හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
කොස්තාපල් අත්අඩංගුවට ගන්න නියෝග කළේ අධිකරණයයි
නුවරඑළිය එළවළු පහතරට වැවීමෙන් නුවරඑළිය ගොවීන් ගැටලුවක
කහකෝනා මල් පිපිලා වතුකරයම සිරියාවයි
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරු කරයි
මොරගහකන්දෙන් දෙවැනි දිනටත් දහසකට ආසන්න ජිව පතොරම් හමුවෙයි
මාලිමාවට ඡන්දය දුන් ඇතැම් පිරිස් රජයෙන් ඈත් වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd